ජීවිතය සාර්ථක කරන ජීව ඔරලෝසුව ළඟ තියාගෙන දුක් විඳින්නේ ඇයි? Featured

Wednesday, 01 November 2023 13:42

මිනිසුන්ගේ ජීවිතය වෙලාව එක්ක විශාල වශයෙන් බද්ද වෙලා තියෙන්නෙ. අද වගේ නෙවෙයි ඉස්සර නම් අපේ රටේ මිනිස්සුන්ගේ ජීවිත ගොඩක් වෙලාව එක්ක සම්බන්ධ වෙලා තිබුණා. දවස පටන්ගන්න අවදි වෙන්න, හමාර කරන්න විතරක් නෙවෙයි සුබ කටයුතුවලටත් වෙලාව යොදාගත්තා.

අතීතයේ වෙලාව බලාගන්න විවිධ ස්වභාවික ක්‍රම පාවිච්චි කරත් අද තාක්ෂණය දියුණුවත් එක්කම අපිට විවිධ මාදිලියේ ඔරලෝසුවලින් වෙලාව බලාගන්න හැකියාව ලැබිල තියෙනවා. මේ ඔරලෝසුව නිසා වෙලාවට වැඩ නොකළත් අපේ මිනිස්සුන්ට වෙලාව බලාගන්න එක දැන් ලොකු දෙයක් නෙවෙයි. මිනිස්සු විදිහට අපි වැඩිය අහලා දැකලා නැති සැලකිල්ලක් නොදක්වන නමුත් සැලකිල්ලක් දැක්විය යුතුම ඔරලෝසුවක් ගැන තමයි දැන් අපි දැනගන්න යන්නේ. අපි මේ ගැන හරියටම දැනගන්න සංචරන වෛද්‍ය විද්‍යා සංගමයේ උප සභාපති, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කමිටු සාමාජික, වෛද්‍ය ප්‍රසාද් හේරත් මහතාත් සමග කතා කළා.

මොකද්ද මේ අපි නොදන්න ඔරලෝසුව?

මේ ලෝකයේ සෑම දෙයක්ම වෙන්නේ කාලය සහ වෙලාවත් එක්ක. මේ සිස්ටම් එක එහෙමත් නැතිනම් මේ රිදම් එක බිඳ වැටුණොත් අවුල් ගොඩක් හැදෙන්න තියෙන ඉඩකඩ වැඩියි. අපේ ශරීරයේ සිදුවන හැම ක්‍රියාවක්ම පාලනය කරන ජීව ඔරලෝසුවක් අපි හැමෝගෙම ශරීරයේ තියෙනවා. අවයවයක් නොවුණත් අපේ ශරීරයේ රිද්මය අපූරුවට පාලනය කරනවා. අපේ අභ්‍යන්තර ශරීරය තුළ පවත්වා ගන්නා පැය 24 ක චක්‍රයක් අනුගමනය කරන ශාරීරික, මානසික සහ චර්යාත්මක වෙනස්කම් මෙලෙස හදුන්වන්න පුළුවන්. ඒ කියන්නේ අපගේ අභ්‍යන්තර පරිසරය බාහිර පරිසරයට දක්වන ප්‍රතිචාරය. මෙම ස්වභාවික ක්‍රියාවලීන් මූලික වශයෙන් ආලෝකයට, අඳුරට සහ උෂ්ණත්වයට ප්‍රතිචාර දක්වනවා වගේම මේ rhythm clock එක ප්‍රථෘවියේ ඉන්නා බොහොමයක් ජීවියෙකුටම මෙය බලපානවා. බැක්ටීරියා වල සිට සංකීර්ණ මනුෂ්‍යයා දක්වා පවතින බහුතර ජීවි කොට්ඨාශයකම ඇතුළු ශාක වලටත් මෙම පැය 24ක rhythm එක බලපානවා. මේ උදේ සිට රාත්‍රීය වෙනකම් සිදුවන රිදම් එකට අපි Circadian rhythm කියලා කියනවා.
මේ Circadian rhythm එක මිනිසුන්ගේ ශරිරයට බලපාන්නේ කොහොමද ?

මේ රිදම් එක මිනිස්සුන්ට පුදුම විදිහට බලපානවා. අපිට මේක තේරුම් ගන්න අපහසු කාරණයක් වුණත් මෙය අපි දැනගත යුතු අත්‍යාවශ්‍ය දෙයක්. අපේ මිනිස් ශරීරය හිටපු ගමන් ගුවන් ගමන් යන්න, ලැප්ටොප් පරිගණක යන්ත්‍ර සහ ස්මාට් ෆෝන් පැය ගණන් භාවිතා කරන්න ස්වභාවධර්මයෙන් නිර්මාණය කරලා නැහැ. මේ නිසා Circadian rhythm එකට වෙන බලපෑම හේතුවෙන් මිනිස් ශරිරයට එක් කාලයක දී දරුණු ලෙස බලපාන්න ඉඩ තියෙනවා. කොහොම වුණත් බාහිර පරිසරය තුළ සිදු කරන වෙනස්කම් හා සමගාමීව අභ්‍යන්තර පරිසරය සකස් කරගැනීම කියන කාරණය ඉතාමත් සෙමින් සිදු කෙරෙන ක්‍රියාවලියක් නිසා බොහොමයක් රෝග සඳහා මෙය බලපාන්න පුළුවන්. ඒ වගේම හෝමෝන පාලනය කිරීමට, ආහාර රුචිය හා ආහාර දිරවීම, ශරීර උෂ්ණත්වය පවත්වා ගැනීම වැනි ශරීරයෙ වැදගත් ක්‍රියාකාරකම් වලට මෙය ඍජුවම බලපෑම් කෙරෙනවා. රාත්‍රී මුර සේවා, ඉලෙක්ට්රොනික උපකරණ වල ආලෝක කදම්භයන්, රාත්‍රි කාලයේ දැඩි ආලෝකයට නිරාවරණය වීම, මද්‍යසාර, මත්ද්‍රව්‍ය, බෙහෙත් වර්ග, කැෆේන් අධිමාත්‍රාවෙන් බීම වර්ග පානය කිරීම මගින් ද අපේ ශරීරයට මෙය බලපානවා. අපි පරිසරයෙන් ඉවත් වෙන්න වෙන්න අපේ නිරෝගීකම සහ පැවැත්ම අපෙන් උදුරා ගන්නවා. අපට බැහැ පරිසරයට පිටුපාල ජීවත් වෙන්න. මේ Circadian rhythm එකෙන් තමයි අපේ ජීවිතය පාලනය කරන්නේ.

ජෛව ඔරලෝසුවේ වෙලාවට අනුගත වීමෙන් නිරෝගි දිවියක් ගතකරන්නේ කොහොමද ?

biological clock

මේ වෙලාවල් හරියටම දැනගන්න එක අපේ ජීවිතකාලයම නිරෝගීව ගත කරන්න පුළුවන් වෙනවා. මේ පැය 24 තුළ උදේ පාන්දර 4.30 ඉදන් උදේ 5.00 අතර වෙලාව ජෛව ඔරලෝසුවට අනුව අපේ ශරීරය සීතලම වෙන වෙලාව. ඒ කියන්නේ අපේ ශරීරයේ උෂ්ණත්වය ඉතාමත් අඩුයි. ඒ නිසා තමයි කොච්චර නිදාගන හිටියත් නිදිමතේ හිටියත් දුවගෙන ඇවිත් ඒසී ෆෑන් නතර කරන්නෙ.
උදේ 6.00 වෙනකොට වර්ධනය වෙන්නේ කොටිසෝල් කියන හෝමෝනය. මේ හෝමෝනය අපේ දවසේ වැඩකටයුතු වලට මූලිකවම සම්බන්ධ වෙනවා. මේ වෙලාව ගොඩක් වැදගත් වෙනවා ව්‍යායාම් හෝ යෝග අභ්‍යාස කිරීම් වැනි දේවල්වලට.
6.45 ඉදන් 7.00 විතර වෙනකම් අපේ ශරීරයේ රුධිර පීඩනය වැඩිම වෙලාව.
උදේ 7.30න් පස්සේ අපේ ශරීරයේග මෙලටොනින් හෝමෝන ප්‍රමාණය අඩුවීමක් සිදුවෙනවා. ඒ කියන්නේ අපේ ශරීරයෙන් නිදිමත නැති වෙනවා කියන එක. මේ හෝමෝනය වර්ධනය වෙන්න පටන් ගන්නේ රාත්‍රී 9.00ට විතර.
උදේ 9.00 ට විතර ජෛව ඔරලෝසුවේ නියමයට අනුව අපේ ශරීරයෙන් ස්‍රාවය වෙන කෝටිසෝල්, ටෙස්ටෙස්ටරෝන්, ෆොජෙස්ටරෝන් හෝමෝන් ප්‍රමාණය ඉහළ මට්ටමක් ගන්නවා. ඒ වෙලාවට ශරීරයට අධික ව්‍යායාම, දිවීම, පැනීම, පිහිනීම වැනි දේවල්වල ඉතාමත් පහසුවෙන් යෙදෙන්න පුළුවන්.
උදේ 10.00 වෙනකොට අපේ ශරීරය ඉතාමත් සාවදාන තත්වයකට පත්වෙනවා. මේ නිසයි ගොඩක් රටවල කාර්යාල උදේ 10.00 ට පටන් ගන්නේ. ඉන් පසුව ජෛව ඔරලෝසුව විසින් ශරීරයේ අවයව නිසි සම්බන්ධීකරණයකට ලක් කරනවා.
රාත්‍රී 7.00 වෙනකොට නැවත අපේ ශරීරයේ උෂ්ණත්වය වැඩි අගයක් ගන්නවා. මේ වෙලාවට අපේ ශරීරයේ දාඩිය ස්‍රාවය වැඩි වෙන්න ගන්නවා.
නැවතත් රැ 9.00 වෙනකොට මෙලටොනින් ස්‍රාවය වෙන එක වර්ධනය වෙලා නින්දට සූදානම් කරවනවා. 9.00 පසුව කාලය නිදාගැනිමට සුදුසුම වෙලාව.
රාත්‍රී 2.00 විතර වෙනකොට ශරීරය ගැඹුරු නින්දකට යනවා. මේ නින්ද ශරීරයට ඉතාම අවශ්‍යයි. මේ සැලැස්මෙන් පිට යනවා කියන්නේ ශරීරය අපව දුර්වල කරනවා. මෙය මෑත කාලීන තාක්ෂණික දියුණුවත් සමඟ අපගේ එදිනෙදා ජීවිතයේ කාර්ය බහුලත්වය මත මේ ක්‍රියාවලිය අක්‍රමිකවත් ආකාරයට සිදුවීම මගින් අපට බොහෝ රෝගවලට හෝ අපගේ නිරෝගි බවට තර්ජනයක් වෙමින් පවතිනවා.

තමන්ගේ චර්යාව හදාගෙන ජෛය ඔරලෝසුවට අනුව විනය ගරුක උනොත් සුව පහසු සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් අපි කාටත් හිමි කරගන්න පුළුවන් නිරෝගි බව, දිගු කාලයක් ජීවත්වීම බෙහෙත් මගින් පමණක් ලබා ගැනීමට සිතීමම අනුවණ ක්‍රියාවක්. රෝගී අවස්ථාවක එය සුවකර ගැනීම සඳහා ප්‍රතිකාර අවශ්‍ය නමුත් නිරෝගී බව පවත්වා ගැනීමට අවශ්‍ය ප්‍රධාන මූලික අවශ්‍යතාවන් 03ක් එදිනෙදා ජීවිතය තුළ සමබරව පවත්වා ගත යුතු වෙනවා.

ආහාර - නිසි කාල පරාසයන් තුළදී දෛනිකව සමබල ආහාර වේලක් ලබා ගත යුතුයි.
නින්ද - ප්‍රමාණවත් නින්ද ලබා ගැනීම
ව්‍යායාම - අවශ්‍ය ප්‍රමාණයට ව්‍යායාම ලබා ගැනීම නිරෝගිග‍කම බලපවත්වා ගැනීමට ප්‍රබලවම බලපානව.

නිසියාකාර නින්දක් ලබා ගැනීම හා සමබර ආහාර වේලක් නිසි වේලාවන් තුළ දී ලබා ගැනීම ජෛව ඔරලෝසුවට අනුව නිසියාකාර ක්‍රියාකාරීත්වයට බලපාන ප්‍රධාන කරුණු දෙකක් ලෙස ගන්න පුළුවන්. නමුත් වර්තාමානයේ දියුණුවත් සමග මේ සමබල ආහාර රටාව නින්ද යන කාරණා මිනිසා තුළින් ගිලිහිලා. බොහෝ දුරට කෙටි ආහාර ක්ෂණික ආහාර වලට නැඹුරු වීම හරහා පෝෂ්‍යදායී ආහාර වේලක අවශ්‍යතාවය ඔවුනට ලැබෙන්නේ නැහැ. නොදියුණු අතීතයේ මිනිස්සු රාත්‍රී ආහාරය ඉතා ඉක්මණින් ලබාගැනීමත් ඉන් පසු පාන්දර වන තුරු ආහාර නොගැනීමත් මත ආසන්න වශයෙන් පැය 10 /12 පමණ කාලයක් නිරාහාරව ගත කරල තියෙනවා. ඇත්තටම ඒ ක්‍රියාවලිය මනුෂ්‍ය ශරීරයට ඉතාමත් හිතකරයි. ඒ වගේම ශරීරයට සුව පහසු නින්දක් අවශ්‍යතාවය අනිවාර්ය දෙයක්. නිදා ගැනීම සදහා ආලෝකය, අදුර , සහ උෂ්ණත්වය ඍජුවම බලපානවා නින්ද ඇතිවීම අවදිවීම යන චක්‍රය හදාගන්න මේ වෙනස් කිරීම තුළ ඇති වන ව්‍යාකූලත්වය සමස්ත ක්‍රියාවලියටම බලපානව. ඒ වගේම නිරෝගීබව බලපවත්වාගෙන යාමට ව්‍යායාම ලබා ගැනීම ද වැදගත්. අවශ්‍ය ප්‍රමාණයට ව්‍යායාම ලබා ගැනීම මගින් ශරිරයේ දහන ක්‍රියාවලිය වැඩි වෙනවා. ඇත්තටම මේ Circadian rhythm එක අනුගතව අපිට හැඩ ගැහෙන්න පුළුවන් නම් අපේ ශරීරයේ නීරෝගීකම අපිටම අත්දකින්න පුළුවන් වගේම බෙහෙත් පෙති ගිලින සමාජයක් ගොඩනැගෙන්න හේතුවක් නැති වෙනවා.

ජෛවීය ඔරලෝසුව ක්‍රියාකාරීත්වය වෙනස්කම් මගින් අපට වැලඳිය හැකි රෝග මොනවාද?

අපිට දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෝ කොලෙස්ට්‍රෝල්,(non communicable diseases) ශරීරයේ ප්‍රතිශක්තිකරණය අඩුවීම වගේම, සාංකාව (depression /anxiety) වැනි මානසික ව්‍යාකූලවලට හේතුව අපගේ එදිනෙදා ජීවිතේ පවතින දින චරියාවේ සිදුවී ඇති වෙනස්කම් බලපාන බවත් නොදැන බෙහෙත් පෙති හෝ ප්‍රතිකාර ලබාගැනීමෙන් පමණක් සුවකිරිමම අපහසුයි. බෝනොවන රෝග සඳහා ජෛවීය ඔරලෝසුවේ ක්‍රියාකාරීත්වයෙ වෙනස්වීම මුලිකවම බලපානවා. ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීම- ක්ෂුද්‍රජීවීන් මගින් ඇති කරන රෝගවලට ගොදුරු වීම වැඩිවීම දකින්න පුළුවන්.
පැය 6කට වඩා අඩුවෙන් නිදා ගන්නා පුද්ගලයන්ට සෙම්ප්‍රතික්ෂාව රෝගය හතර ගුණයකින් වැලදීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ප්‍රතිශක්තිකරණය අඩුවීම නිසා පිළිකා රෝග ඇතිවීමේ හැකියාව ද වැඩියි. හෘද හා රුධිරවාහිනී සම්බන්ධ රෝග, සංජනන සහ හැසිරීම- අවධානය අඩු වීම, සුපිරික්ෂාකාරි බව අඩුවීම , ඒකාග්‍රතාවය අඩුවීම, මතක ශක්තිය අඩු වීම මෙමගින් රථවාහන අනතුරු වැඩි වීම රැකියා ස්ථාන අනතුරු හා කාර්යක්ෂමතාව අඩු වීම, තරුණ දරුවන් තුළ මතක ශක්තිය අඩු වීම අවධානය අඩු වීම පාලනය කිරීමට නොහැකි වීම නිසා අනාරක්ෂිත ක්‍රියාවලට පෙළඹීම වැඩි විය හැකියි.
මානසික ආබාධ නුරුස්සනා බව, විශාදය, අධ්‍යාපන කටයුතු වලට නිසි අයුරින් අවධානය යොමු නොකිරීම, උනන්දුව අඩු වීම, මුරණ්ඩු බව ඇතිවීම් දැකගත හැකියි. ඒ වගේම ආහාර ජීරණ ක්‍රියාවලිය සංකූලතා ද හට ගැනීම්, බඩේ තුවාල, ගැස්ට්‍රයිටීස්, බඩවැල් තුල ඇතිවන රෝග ඇති වෙන්න පුළුවන්. මදසරු බව හා දරුවන් නොලැබීම- ජෛව ඔරලෝසු අක්‍රමිකතා මගින් හෝමෝන තුලනයන් තුළ සිදුවන වෙනස්වීම මගින් දරුවන් නොමැති විම් පවා ඇතිවිය හැකියි. ඒ වගේම ශරීරයේ බර වැඩිවීම සහ ස්ථූලභාවය dieting එහෙමත් නැත්නම් ආහාර ගැනීම අඩු කිරීමෙන් පමණක්ම පාලනය කරන්න අපහසු බවත් නින්ද, චර්යාත්මක වෙනස්කම් සහ ව්‍යායාම වැදගත් කාරණා මිට ප්‍රධාන වශයෙන් බලපානවා. තමන්ගේ දින චර්යාව නිවැරදිව පවත්වාගෙන යනවා නම් දීර්ඝකාලීන ප්‍රතිකාර ලබාගන්නා සමහර රෝගවලට ප්‍රතිකාර ගැනීම පවා නතර කරන්න පුළුවන්. මෙහි දී වෛද්‍යවරයා සහ රෝගියා සතු විශාල කාර්යභාරයක් තියෙනවා.

ඇත්තටම රෝගියෙක් ප්‍රතිකාරයක් සදහා යොමු වෙනවා නම් රෝගියාගේ දින චර්යාව අධ්‍යයනය කරන්න වෛද්‍යවරයාට සිදුවෙනවා. එයට රෝගියාගේ සහාය අත්‍යාවශ්‍යයි. ඔහුගේ ජීවන චක්‍රය ගැන අවබෝධයක් ලබා ගෙන ඒ අනුව ප්‍රතිකාර නියම කිරීමත් ක්‍රමවත් ජීවන රටාවක් රෝගියා විසින් නඩත්තු කිරීමත් මගින් නිරෝගි ජීවන රටාවක් පහසුවෙන් අත් කරගන්න පුළුවන්. නමුත් ඇතැම් රෝගීන් ප්‍රමුඛතාවය ලබා දෙන්නේ ප්‍රතිකාරවලට පමණයි. ඔවුන් වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර පමණක් ලබා ගැනීමෙන් ම පමණක් රෝග සුව කරගන්න උත්සාහ කළත් දීර්ඝකාලීනව නිරෝගිව ජීවත් වෙන්න නම් අපි මීට වඩා අපගේ නිරෝගි භාවය හා සෞඛ්‍ය ගැන අවධානය යොමු කරන්න අවශ්‍යයි.

සාකච්ඡා කළේ -
රන්ජනා සෙව්වන්දි

Last modified on Wednesday, 01 November 2023 13:42

Leave a comment

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us