ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ගෙන එන බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ පවසයි.

9 ශ්‍රේණියෙන් ඉහළ පාසල් දරුවන් සඳහා පාසල් කාලය තුළදීම වෘත්තීය පුහුණුවක් ලබාදීම සඳහා නියමු ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.

සංචාරක ව්‍යාපාරයේ අවශ්‍යතාවයන් සඳහා අවශ්‍ය වෑන් රථ සහ කුඩා ප්‍රමාණයේ බස් රථ ආනයනය සඳහා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කර ඇති යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

අලියා ලකුණින් හෝ පොහොට්ටුව ලකුණින් නොව සියලු දෙනාට එකගවිය හැකි පොදු ලකුණකින් ජාතික අපේක්ෂකයෙකු ලෙස වත්මන් ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වනවා නම් පමණක් තමන් ඔහුට උදව් කරන බව ප්‍රසන්න රණතුංග පැවසීය.

ඇහැලේපොළ වලව්ව හා ඊට අයත් භූමිය පූජා ඔප්පුවක් මගින් දළදා මාලිගාව වෙත පවරාදීම සදහා අනුමැතිය ලැබී තිබේ.

රජයේ මුදල් පිළි­බඳ කාරක සභාවේ නිර්දේශ මත පද­නම්ව ශ්‍රී ලංකා මහ බැංකුවේ වැටුප් වැඩි­වීම සමා­ලෝචනය කිරීම සඳහා ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා විසින් ස්වාධීන වැටුප් කමි­ටු­වක් පත් කර තිබේ.

ගෑස් මිල අඩුවුවද බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමට හැකියාවක් නොමැති බව බේකරි හිමියන්ගේ සංගමය පවසා තිබේ.

සීමාසහිත ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා මෙහෙයුම් කල්බදු යටතේ පුළුල් බඳ සහිත ගුවන් යානා හතරක් ලබා ගැනීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ld add copy

Connet With Us