ගුවන් සෙබළියන්ට ගුවනේ සැරිසරන්න වරම් Featured

Published in අනං මනං
Wednesday, 21 March 2018 08:33

මෙතෙක් කලක් ගුවන් හමුදා නිලධාරීන්ට පමණක් සීමා වී තිබූ ගුවන් නියමු රාජකාරිය සඳහා ගුවන් හමුදා නිලධාරිනියන්ද යොදා ගැනීමට කටයුතු යොදා ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කැප්ටන් ගිහාන් සෙනෙවිරත්න මහතා පවසයි.

එසේ බඳවාගත් නිලධාරිනියන් සිවු දෙනකු (04) මේ වන විට ත්‍රිකුණාමලය ගුවන් හමුදා කඳවුරේදී ගුවන් යානා පුහුණුවට අදාළ අධ්‍යයන කටයුතුවල නියැළෙමින් සිටින බවද ඒ මහතා පැවැසීය.

ගුවන් යානා පැදවීම සඳහා ගුවන් හමුදා නියමු නිලධාරිනියන්ගේ සේවය මේ ආකාරයට ලබා ගැනීමට කටයුතු කර ඇත්තේ ගුවන් හමුදා ඉතිහාසයේ පළමු වතාවට බවත් දැනට පුහුණුව ලබමින් සිටින එකී නිලධාරිනියන්ගේ පුහුණුව අවසන් වූ පසුව ඔවුන් ගුවන් හමුදා යානා පැදවීමේ නියමු රාජකාරිය සඳහා යොදවන බවත් ඒ මහතා කීය.
දැනට පුහුණුව ලබමින් සිටින නිලධාරිනියන්ට යුද පුහුණුව, ගුවන් යානා තාක්ෂණ පුහුණුව, නියමු පුහුණුව ඇතුළු පුහුණුවීම් කිහිපයක් සම්පූර්ණ කළ යුතුව ඇති බවත් එම පුහුණු කාලසීමාව සඳහා අවම වශයෙන් වසර දෙකහමාරක් පමණ ගත කළ යුතුව ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.


මව්බිම

worky

worky1

ld add copy

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us