වැඩිම වියදමක් දැරූ ඉන්දීය චිත්‍රපටය 'Bahubali' (video)

Published in අනං මනං
Saturday, 11 July 2015 13:59

ඉන්දීය  ඉතිහාසයේ  වැඩිම වියදමක් දරා  නිර්මාණය වූ චිත්‍රපටය ලෙස සැළකෙන Bahubali ඊයේ(10) සිට ප්‍රදර්ශනය වීම ඇරඹුවා.

 ශක්තිමත් මිනිසා යන තේරුම් සහිත  Bahubali වීර කාව්‍ය තේමාවක් රැගත් චිත්‍රපටයකි.

තෙලිඟු සහ දමිළ භාෂාවෙන් නිර්මාණය කර ඇති මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලැබ ඇත්තේ  එස් එස් රාජමොලි විසිනි. ඔහු පවසන පරිදි මෙම චිත්‍රපටය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 39 ක මුදලක් වැය වී ඇත.

Bahubali චිත්‍රපටය හොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂ සැක් ස්නිඩර්ගේ  යුධ කතා තේමාවක් රැගත් '300' චිත්‍රපටයේ අනුකරණයක් බව පැවසේ.

කොටස් දෙකකින් යුතු මෙම චිත්‍රපටයේ දෙවන කොටස ප්‍රදර්ශනය ආරම්භ කරන දිනය මෙතෙක් ප්‍රකාශ වී නොමැත.

මෙම චිත්‍රපටය සඳහා තෙලිඟු සිනමා තරු වන ප්‍රභා,රනා දග්ගුබටි, තමන්නා සහ අනුෂ්කා ශෙට්ටි රංගනයෙන් දායක වී ඇත.

 

 

ld add copy

Latest News

2026 වසරේදී ඉන්ධන ආනයන වියදම ඉහළ යා හැකි බවට පුරෝකථනයක්

2026 වසරේදී ඉන්ධන ආනයන වියදම ඉහළ යා හැකි බවට පුරෝකථනයක්

2026 වසරේදී ශ්‍රී ලංකාවේ ඉන්ධන ආනයන වියදම සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින්...

Connet With Us