වයස 18දී ශුක්‍රාණු බැංකුවට දාන්නලු

Published in අනං මනං
Thursday, 25 June 2015 17:33

වයස 18දී පමණ සෑම පිරිමියෙකුගේම ශුක්‍රාණු ශීතකර කලතබා ගැනීම වැදගත් බව බ්‍රිතාන්‍ය වෛද්‍යවරයෙක්  පවසනවා. මෙයට හේතු ලෙස ඔහු  පවසන්නේ මෙසේ තැන්පත් කිරීම හරහා වයසට ගොස්  පියෙක් වීමට උත්සහ දැරීමේදී මතුවිය හැකි ගැටළු මග හැරීමයි.

ඇබර්ටි විශ්ව විද්‍යාලයේ වෛද්‍ය කෙවින් ස්මිත් පවසන පරිදි වයසට යාමත් සමඟ ශුක්‍රාණුවල යම්  යම් ගැටළු ඇතිවෙනවා වගේම  විවිධ රෝගාබාධ ඇති වීමේ අවධානමකුත් පවතිනවා. ඒ නිසා  ශුක්‍රාණු බැංකු පවත්වාගෙන යාම අනිවාර්ය කළ යුතු වෙනවා.

බ්‍රිතාන්‍ය පිරිමින් පියෙකු වීමේ වයස වසර කිහිපයක් තුල අවුරුදු 30 සිට 33 දක්වා ඉහල ගොස් තිබෙනවා.

පිරිමින්ට වයසට ගියත් දරුපල ලබාගැනීමේ හැකියාව ඇතත් එතුලින්  අනිසි ප්‍රතිවිපාක ඇතිවිය  හැකි බව වෛද්‍ය කෙවින්ගේ  අදහසයි.

ඔහු ප්‍රකාශ කරන  පරිදි  තරුණ වයසේදී ශුක්‍රාණු ආරක්ෂිතව තැන්පත් කිරීමෙන් පසු පසුකලකදී ඒවා අවශ්‍ය නම් නැවත ලබාගැනීමේ හැකියාව පවතිනවා.

නමුත් මෙම මතය සම්බන්ධයෙන් විවිධ විවේචනද එල්ල වෙමින් පවතියි. බ්‍රිතාන්‍ය දරුපල පිළිබඳ සංගමයේ මහාචාර්ය ඇඩම් බැලෙන් පවසන්නේ මේ ආකාරයට නැවත ගැනීමේ අරමුණින් ශුක්‍රාණු තැන්පත් කිරීම හරහා ප්‍රජනනය කෘතිම ක්‍රියාවලියක් බවට පත්වන බවයි.

එසේම නැවුම් ශුක්‍රාණු සමඟ සැසදීමේදී ශීතකළ ශුක්‍රාණු සරුබාවය අතින් පහළ මට්ටමක පවතින බව ඔහුගේ මතයයි.

Last modified on Thursday, 25 June 2015 17:41

ld add copy

Latest News

පාප්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය තවදුරටත් බරපතළයි

පාප්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය තවදුරටත් බරපතළයි

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය තරමක් බරපතළ වී ඇතැයි වතිකානය නිවේදනය කර...

ක්‍රීඩා

SL vs AUS 2nd Test: තරගයේ දෙවන දිනය අදයි

SL vs AUS 2nd Test: තරගයේ දෙවන දිනය අදයි

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද (07) ක්‍රියාත්මක...

Connet With Us