ලාංකික ළමා සොල්දාදුවා රඟපෑ චිත්‍රපටයට කෑන්ස් සම්මානයක් (Video)

Published in අනං මනං
Monday, 25 May 2015 13:08

නවකතාකරුවෙකු මෙන්ම හිටපු ළමා සොල්දාදුවෙකු වුණු සොර්බා ශක්ති රඟපෑ 'දීපන්' චිත්‍රපටයට මෙවර කෑන්ස් ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේදී Palme d’Or සම්මානය හිමිව තිබෙනවා.

මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ ප්‍රංශ සිනමාකරුවෙකු වන ෂාක් අවුඩියාද් විසිනි

'දීපන්' චිත්‍රපටය ශ්‍රී ලංකාවෙන් ප්‍රංශයට පලා එන සංක්‍රමණිකයින් තිදෙනෙකු එර‍ට දේශපාලන රැකවරණ ලබාගැනීම සඳහා පවුලක් ලෙස එක්වීම හා ප්‍රංශ ජන සමාජය තුළ මුහුණදීමට සිදුවන ගැටළු පිළිබඳ සාකච්ඡා වෙන චිත්‍රපටයකි.

ළමා සොල්දාදුවෙකු ලෙස ශ්‍රී ලංකාවේ පැවති යුධමය වාතාවරණය තුළ එල්.ටී.ටී.ඊ සංවිධානයේ කලක් කටයුතු කර ඇති සොර්බා ශක්ති සැබවින්ම ප්‍රංශයට පලාගිය සංක්‍රමණිකයෙකි.

ඒ නිසාම මෙම චිත්‍රපටයට ඔහුගේ සැබෑ අත්දැකීම් ගණනාවක්ද එකතුකිරීමට අධ්‍යක්ෂවරයා විසින් පියවර ගෙන තිබෙනවා.

deepan1

deepan2

deepan4

Last modified on Monday, 25 May 2015 16:33

 

ld add copy

ක්‍රීඩා

Connet With Us