ලංකාවේ වඳුරෝ ඇමෙරිකාව හොල්ලති (video)

Published in අනං මනං
Wednesday, 20 May 2015 15:38

ශ්‍රී ලංකාවේ රිළවුන් ආශ්‍රිතව වෝල්ට් ඩිස්නි සමාගම විසින් නිෂ්පාදනය කළ Monkey Kingdom (වඳුරු රාජධානිය) නමැති වාර්තාමය චිත්‍රපටයක් දින 28ක ඇතුළත ඇමෙරිකන් ඩොලර් මිලියන 14.8ක (රුපියල් මිලියන 2000ක් පමණ) ආදායමක් ලබා ඇති බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පවසයි.

මැක් ලින්ෆෙල්ඩ් විසින් අධ්‍යක්ෂණය කර ඇති මේ වාර්තා චිත්‍රපටය අලුත උපන් රිළා පැටවකුගේ සහ මායා නම් රිළවියකගේ ජීවිත කතාව ඇතුළත් වී ඇත. Monkey Kingdom උණවටුන වෙරළ තීරය, යාල වනෝද්‍යානය, කල්පිටිය, මිරිස්ස සහ සීගිරිය වැනි විශේෂ ස්ථානවලද රූගත කිරීම් සිදු කර තිබේ.

ඇ.ඩො. මිලියන 7ක් පමණ වැය වී ඇති මෙම චිත්‍රපටය ඩිස්නි සමාගමේ අංශය විසින් නිර්මාණය කරන ලද වාර්තාමය චිත්‍රපටයකි. ඩිස්නි සමාගම සෑම වසරකම මිහිකත් දිනයට සමගාමීව අධ්‍යාපනික සහ පාරිසරික වශයෙන් වැදගත් මෙවැනි චිත්‍රපටයක් නිපදවීම සිරිතකි.

දැනට ඇමෙරිකාවේ පමණක් මෙය ප්‍රදර්ශනය කර තිබේ.

 

ld add copy

ක්‍රීඩා

Connet With Us