රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා Featured

Published in Gossip
Friday, 29 March 2024 12:39

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමක් පසුගිය 27 වෙනිදා පැවැත්විලා තිබුණා. ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ විජේරාම නිල නිවසේදී.

නාමල් රාජපක්ෂව පොහොට්ටුවේ ජාතික සංවිධායක තනතුරට පත් කෙරුණෙත් මේ රැස්වීමේදී.

කොහොමවුණත් මේ රැස්වීම ඉවරවෙලා කට්ටිය එළියට එන අතරේ වලියක් ගිහින් කියලා ආරංචියි.

කට්ටිය එළියට එද්දී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශකයෙක් හැටියට කටයුතු කරපු සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙක් දකුණු පළාතේ කැබිනට් ඇමති සයිස් තරුණ දේශපාලකයෙක්ට කින්ඩියක් දාලා ලු. “දැන් මේගොල්ලො රනිල්ගෙ දරුවෝ වගේනෙ” කියලා තමයි කිව්වා කියලා ආරංචි. මේකට තරුණ ඇමතිවරයාට මළ පැනලා. ඔහු අර කතාව කියපු එක්කෙනාට සැරටම බැනලා, ඒක රණ්ඩුවක් තරමට ඇවිළිලා ගිහින්. එතනදී ඇමතිවරයා අර හිටපු ජනාධිපති උපදේශකට බඩට පාරකුත් ගැහුවා ලු. ඊටපස්සේ එතන හිටපු කට්ටිය එකතුවෙලා වලිය බේරලා දෙන්නා දෙපැත්තට කළා ලු.

ගුටි කාපු හිටපු ජනාධිපති උපදේශකයා “ධර්මය ඔබට මග වේවා” කිය කියා බඩ අතගගා ගෙදර ගියා කියලා තමයි ආරංචි ….

 

lnw

Leave a comment

 

ld add copy

Connet With Us