දුක් කසාදයකට වඩා දික් කසාදය හොදයි, මට හම්බ වුණ පිරිමි නමට විතරයි - අමායා අධිකාරී Featured

Published in අනං මනං
Monday, 27 November 2023 16:27

අමායා කියන්නේ කවුද?

මම පිටට පෙනෙන කෙනා නෙවෙයි. හරිම සාධාරණ චරිතයක්. මම හොද අම්ම කෙනෙක්, හොද සහෝදරියක්, මගෙ දෙමාපියන්ට මම හොද දරුවෙක්, හස්බන්ලට ‌හොද වයිෆ් කෙනෙක් ද කියන්න දන්නෙ නැහැ. නමුත් මම මගේ ජීවිතේ හරිම සරලව ගෙවන මනුෂ්‍යයෙක්.

අතුල අධිකාරී එක්ක සම්බන්ධය පටන්ගත්තෙ අමායා අධිකාරී වෙන්න ඔන නිසාද?

අධිකාරී නම මට විශේෂයි. මාව බැබළෙන්න ගත්තෙ මේ නමත් එක්ක. මාව විවේචනය කරන්න හරි ආදරය කරන්න හරි මිනිස්සු මාව දන්නෙ මේ නමින්. මගේ ඇත්ත නම කිව්වොත් කවුරුවත් මාව දන්නෙ නැහැ. අතුල එක්ක තිබුණේ ආදර සම්බන්ධයක්. මට එයාව සැමියා කරගන්න උවමනාවක් තිබුණෙ නැහැ. කොහොම වුණත් මේ වාසගමත් එක්ක මට සෑහෙන දෙනෙක් දොස් කිව්වා. නමුත් මම මේ වාසගම දිගටම පවත්වගෙන ගියේ මේ නමත් එක්ක මාව ඉදිරියට ආව නිසා.

අමායා පවුලක් කඩලා පවුලක් හදාගත්ත කෙනෙක් ද

අනියම් සම්බන්ධතා කියන්නෙ පවුලක් කඩලා පවුලක් හදාගන්න එකක් තමයි. නමුත් මේ කතාවෙදි අමුතුවෙන් පවුල කඩන්න උවමනාවක් තිබුණෙ නැහැ. ඒ පවුල ඒ වෙලාවෙදිත් වෙන් වෙලා තිබුණේ. ඒ අයට ඉන්න බැරි නිසා ඒ අය එකිනෙකාගෙන් අයින් වෙලා හිටියා. සමිතා වෙන කෙනෙකුට ආදරය කලේ අතුලගෙන් ඒ ආදරය ඇයට නොලැබෙන නිසා වෙන්න පුලුවන්. ගැහැනියෙක් මිනිහෙකුගෙන් බලාපොරොත්තුවෙන දේවල් ටිකක් තියෙනවා ඒ දේවල් නොලැබුණ තැන ලැබෙන තැනක් හොයාගන යනවා. එක ගෙදර ඉන්නකොට ඉන්න පුලුවන් ද බැරිද කියල දන්නෙ ඒ ගෙදර එකට ඉන්න අය මිසක් වටේ පිටේ අය නෙවෙයි. පවුල කැඩුවද නැද්ද කියල අතුල තමයි දන්නෙ. මට හම්බුන අතුල තනියෙන් හිටියෙ. කොහොම වුණත් දුක් කසාදයකට වඩා දික්කසාදය හොදයි. අපි ජීවිතය විදවන්නෙ නැහැ විඳිනව මිසක්.

අමායා ගොසිප් වලට කැමතිද?

මම ගොසිප් හිතලා හදාගන්නෙ නැහැ. නමුත් මාර විදිහට මට ගොසිප් නිර්මාණය වෙනවා. යූටියුබ් එකේ මගේ නම ගහල බලන්න, සෑහෙන ප්‍රමාණයක් ගොසිප් තියනවා. මම අමාරුවෙන් ගොඩ ආපු කෙනෙක්. කවුරු ගොසිප් හැදුවත් මට අදාල නැහැ. මගේ ගමන මම යනවා.

අමායා හොද මවක් ද?

මගෙ දරුවො තුන්දෙනාට මම හොද අම්ම කෙනෙක්. මගෙ දරුවො තුන්දෙනා තමයි මගෙ ප්‍රධානම දේ. මම හම්බ කරන්නේ මගේ දරුවෝ වෙනුවෙන්. මට කියල මම ඇදුමක් ගනිද්දිත් මම දරුවො ගැන හිතනවා. මම මහන්සි වෙලා හම්බ කරනවා නම් ඒ දරුවො තුන්දෙනා වෙනුවෙන් විතරයි. මෙතනින් එහාට මට වෙන දෙයක් නැහැ. මම ආදරය කරන කෙනා,  යාලුවෙලා ඉංන කෙනා හරි හස්බන් හරි අද ඉදල හෙට නැති වෙන්න පුලුවන්. කොහොම වුණත් මගේ දරුවෝ තුන් දෙනාට මම හොඳ මවක්.

දරුවෝ තුන් දෙනාට අසාධාරණයක් කරනවා කියලා හිතෙන්නේ නැද්ද..

ගේ ඇතුලෙ කුණුහරුප කියාගෙන මරා ගන්නවා නම් මම කරන්නේ දරුවන්ට අසාධාරණයක්. මගෙ දරුවොන්ගෙ තාත්තලාට හැරුනකොට මම වෙන කිසි පිරිමියෙක්ට එ තැන දෙන්න යන්නෙ නැහැ... නමුත් මගෙ ලමයි⁣ ට  හරි ආදරයක් තියෙන මනුස්සයෙක් මට ලැබුණොත් මම ඒ තැන ලබාදෙන්න පුලුවන්.

අතුලව අමායා දකින්නෙ  කොහොමද?

අතුල කියන්නේ හරිම නිවුණ මනුස්සයෙක්. එයාට හොද අවබෝධයක් තියෙන පුළුල් හදවතක් තියෙන ඉතාම හොඳ මනුස්සයෙක්.  තාමත් එයා මගෙ නිත්‍යානුකුල ස්වාමිපුරුෂයා. නමුත් අතුලව මට අතැරුන එක ගැන මම වද වෙන්නෙ නැහැ. අතුල මම වෙන් වෙලා අවුරුදු හතක් උනත් එ ගෞරවය මම එයාට ලබාදෙනවා. අපි වෙන් උනාට එක ගෙදර බොහොම සමගියෙන් ජීවත් වෙනවා. මම වෙන කෙනෙක් එක්ක පවුල් කන නිසා එයා මගෙන් වෙන් වෙලා ඉන්නවා. අදටත් එක ගෙදර හිටියත් අතුල මගෙ අතකින්වත් අල්ලලා නැහැ. එ බැදිම දැන් තද යාලුකමක්. අතුලට තියෙන ආදරය කවදාවත් අඩුවෙන්නෙ නැහැ... මගෙ ජිවිතය තියනකම් මම අතුලව බලාගන්නව.

හර්ෂ එක්ක තියෙන සම්බන්දතාවය තවම තියනවාද?

හර්ෂ එක්ක තියෙන සම්බන්ධෙ නැතිවෙන්න විදිහක් නැනෙ. මොකද එයාගෙන් මට දරුවො දෙන්නෙක්ම ඉන්නවා.  නමුත් අපි අතරෙ හැලහැප්පිම් තියනව හර්ෂ කියන්නෙ මගෙ ආදරෙ ට වටිනාකමක් දෙන කෙනෙක් නෙවෙයි.  මම එයාට සියලු සැප සම්පත් ලබා දීල මම එයාව තියාගත්තෙ. නමුත් හර්ෂ කියන චරිතෙ ඇතුළෙ මම හොයන ආදරෙ නැහැ. උපන්දිනයක් ආවම ඇනිවසරි එකක් ආවම එක රෝසමලක් ⁣දෙන්න දන්නෙ නැති අඩුම තරමෙ දිනයක්වත් මතක නැති චරිතයක්.

දරුවන්ද වෙනුවෙන් මුදලට ඇග විකුණන දෙමාපියො අද සමාජෙ ඉන්නවා... එ අයට මොනාද කියන්න තියෙන්නෙ?

එ අයට මම අත්දෙක එකතු කරලා වදිනවා.

අමායා අධිකාරි සෙක්ස් කියන වචනය ගැන දරන  මතය මොකද්ද?

ළඟදි මම දැක්කා මාව වට්සප් ගෲප් එකට 40,000කට විකුණලා තියනවා. මම නම් කවදාවත් සල්ලි වලට ඔය දේවල් කරලා නැහැ.  ඇත්ත ජිවිතෙදිත් මම සෙක්ස්වලට කම්මැලි කෙනෙක්. මට එ දෙවල් එපා වෙලා දැන්. මම ඇත්තටම කැමති දරුවො තුන් දෙනා හදාගන සින්ගල් මවක් විදිහට ඉන්න. මට පිඑිමියෙක් වගෙ වැඩ කරන්න පුලුවන්. හම්බකරන්න පුලුවන්. මට හම්බුන පිරිමි හරියට පිරිමි වගෙ නැහැ. මම තමා ගෙවල් හැදුවෙ, වාහන ගෙනාවෙ මම. පිරිමියෙක් කියන්නෙ පිරිමියෙක්ට. ඉතින් මට මගෙ දරුවො තුන් දෙනා වෙනුවෙන් ඕන දෙයක් කරන්න පුලුවන් පිරිමි කෙනෙක් නැතුව උනත්.

පැෂන් ගැන කොහොමද  දකින්නෙ?

ඔනිම පැෂන් එකක් මම කරනවා. බාටා ටිෂර්ට් ඩෙනිම තමා මම ආසම මගේ පැෂන් එක

- Youtube විඩියෝවක් ඇසුරෙනි.

worky

worky1

ld add copy

Latest News

පළාත් කිහිපයක උෂ්ණත්වය අද යළිත් ඉහළට

පළාත් කිහිපයක උෂ්ණත්වය අද යළිත් ඉහළට

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ ඌව පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම්...

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us