subash

subash

ඉදිරි කන්නයේදී කීරි සම්බා සහ සම්බා වී මිල ගණන් ඉහළ දැමීමට කටයුතු කරන බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න පැවැසුවේය.

ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ ඉහළම රත්තරන් මිල ඊයේ (22 වැනිදා) වාර්තා විය. ඒ අනුව රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් හාරදහස් හාරසියයයි දශම දෙකයි නවයක් (4,400.29) ලෙස සටහන් විය.

ඌව සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ, නුවරඑළිය, පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (23) දිනයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ප්‍රවීණ කලාවේදී සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ජාතික ජන බලවේගයට බලය හිමි කොළඹ මහ නගර සභාවේ 2026 අයවැය අද (22) පරාජයට පත්ව තිබේ.

ගම්පොළ, උඩපළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් උඩගම, ඉහළගම දුනුකේඋල්ල ඇතුළු ග්‍රාම නිලධාරි වසම් අටක ජීවත් වන 15,000ක පමණ ජනතාවට නායයාමේ රතු නිවේදන පමණක් ලබාදී නාය යෑමට හසු වූ පවුල්වලට නිසි විසඳුම් ලබා නොදීම හේතුවෙන් ඔවුහු මහත් අසිරුතාවට පත්ව සිටියි.

"දිට්වා" සුළි කුණාටුවෙන් විනාශ වූ නිවාස සඳහා නිවාස සංකීර්ණ ස්ථාපිත කරදීමට සැලසුම් සකස්කරමින් සිටින බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි.

මෙම වසරේ රැකියා සඳහා විදේශ ගතවූ ශ්‍රී ලාංකිකයන් ප්‍රමාණය ලක්ෂ 3 ඉක්මවා ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

ප්‍රධාන වැව් 73 න් ජලාශ 36 ක් තවදුරටත් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ජල විද්‍ය හා ආපදා කළමනාකරණ ඉංජිනේරු එල්. එස්. සූරියබණ්ඩාර මහතා “දිවයින” ට පැවැසීය.

විපතට පත්වූ ශ්‍රී ලාංකික ජනතාවට සහන පැකේජයක්ද රැගෙන ඉන්දීය විදේශ කටයුතු ඇමැති එස්. ජයශංකර් නිල සංචාරයක් සඳහා විශේෂ ගුවන් යානයකින් අද (22 වැනිදා) පස්වරුවේ මෙරටට පැමිණීමට නියමිතය.

Connet With Us