මෙම වසරේ රැකියා සඳහා විදේශ ගතවූ ලාංකිකයන් ගණන ලක්ෂ 3 ඉක්මවයි

Published in පුවත්
Monday, 22 December 2025 10:13

මෙම වසරේ රැකියා සඳහා විදේශ ගතවූ ශ්‍රී ලාංකිකයන් ප්‍රමාණය ලක්ෂ 3 ඉක්මවා ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේ වසර තුළදී ලාංකිකයන් ලක්ෂ 3ක ප්‍රමාණයක් රැකියා සඳහා විදේශ ගතකිරීමේ ඉලක්කයක සිට කටයුතු කරන ලද අතර එය මේ වන විට සම්පූර්ණ කරගෙන තිබෙන බව ද එම කාර්යාංශය පෙන්වා දෙයි.

පසුගිය වසර 10 ක කාලයකදී ශ්‍රමිකයන් ලක්ෂ 3ක ප්‍රමාණය ඉක්මවා ගිය තෙවන අවස්ථාව මෙය වන අතර, මීට පෙර 2024 වසරේදී ශ්‍රමිකයන් 314,673 ක් රැකියා සඳහා විදේශ ගතවී තිබේ.

2025 වසර තුළදී පිරිමි ශ්‍රමිකයන් 184,085 හා කාන්තාවන් 116,106 ක් රැකියා සඳහා විදේශ ගතවී තිබේ.

මෙම කාලය තුළ ස්වයං මාර්ගයෙන් විදේශ ගතවූ ප්‍රමාණය 194,982 ක් වන අතර, විදේශ රැකියා නියෝජිතායතන මාර්ගයෙන් 105,209 දෙනකු විදේශ ගතවී තිබේ.

ශ්‍රී ලාංකිකයන් වැඩි වශයෙන් රැකියා සඳහා විදේශ ගතවී ඇත්තේ කුවේට් රාජ්‍යයට වන අතර, එම ප්‍රමාණය 75,200 කි. දෙවනුව වැඩි වශයෙන් විදේශ ගතවී ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට වන අතර, එම ප්‍රමාණය 57,037 කි.

කාර්යාංශයේ සංඛ්‍යා ලේඛන අනුව පෙනී යන වැදගත් කරුණක් වනුයේ පෙර වසර වලට සාපේක්ෂව දකුණු කොරියාව, ඊශ්‍රායලය, රුමේනියාව, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව හා ජපානය වැනි රටවල රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් යොමුවීමේ වැඩි නැඹුරුවක් පෙන්නුම් කිරීමයි.

ඒ අනුව 2025 වසර තුළදී දකුණු කොරියාවේ රැකියා සඳහා ලාංකිකයන් 6,272 දෙනකුද, ඊශ්‍රායලයේ රැකියා සඳහා 12,728 දෙනකුද, රුමේනියාවේ රැකියා සඳහා 12,180 දෙනකු හා ජපානයේ රැකියා සඳහා ලාංකිකයින් 10,717 දෙනකු පිටත්ව ගොස් තිබේ.

2025 වසරේ ගතවූ මාස 11 කාලය තුළ විදෙස් ගත ශ්‍රමිකයන්ගෙන් ඇමරිකානු ඩොලර් බිලියන 7.19 ක මුදලක් මෙරටට හිමිවී ඇති අතර, 2025 නොවැම්බර් මාසය තුළ පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 673.4 ක මුදලක් මෙරටට ලැබී තිබේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us