මීට අමතරව මධ්‍යම ප්‍රමාණයේ වැව් 52 කට ආසන්න ප්‍රමාණයක් ද වාන් දමමින් ඇතැයි හෙතෙම කීය.
මෙම වාන් දැමීම හේතුවෙන් ගංවතුර තත්ත්වයක් හෝ එවැනි මට්ටමකට ජලය නිදහස් වීමක් සිදුනොවන බවත්, මේ හේතුවෙන් මහජනතාව අතර අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැති බවත් ඒ මහතා කියා සිටියේය.
කෙසේ වෙතත් ඉදිරි මෝසම් වැසි තත්ත්වයත් අනුව ගංගාවල ජල මට්ටම් වෙනස්වීමේ හැකියාව පවතින බවත්, මේ හේතුවෙන් එම තත්ත්වයන් සම්බන්ධව අවධානය යොමු කරමින් කටයුතු කළ යුතු බවත් ඒ මහතා කීය.
-divaina

