ඉදිරි කන්නයේදී කීරි සම්බා සහ සම්බා වී මිල වැඩි කරනවා - කෘෂිකර්ම ඇමති

Published in පුවත්
Tuesday, 23 December 2025 10:46

ඉදිරි කන්නයේදී කීරි සම්බා සහ සම්බා වී මිල ගණන් ඉහළ දැමීමට කටයුතු කරන බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න පැවැසුවේය.

වී මිල ගණන් ඉහළ දැමීමට කටයුතු කළද සහල් මිල වැඩි කිරීමට කටයුතු නොකරන බවද ඔහු කීවේය.

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ ඊයේ (22 වැනිදා) පැවැති “2025 වාර්ෂික පර්යේෂණ සංසදයේදී“ ඔහු මේ බව පැවැසුවේය.

ඉකුත් යල කන්නයේදී දැවැන්ත වී අස්වැන්නක් ලැබුණු බවත්, පසුගිය ගංවතුර තත්ත්වයෙන් එම වී අස්වැන්නට සිදුවී ඇති හානිය දශම ගණනක් බවද ඔහු කියා සිටියේය.

ගංවතුරින් මෙවර කන්නයේ වී වගාවට සිදුවී ඇති හානිය හෙක්ටයාර් 50,000 කට වඩා අඩු බවත්, එලෙස හානියට පත්වූ කුඹුරු ඉඩම්වලින් මේ වනවිට සියයට 50 කට වැඩි ප්‍රමාණයක් වගා කර ඇතැයි ද නියෝජ්‍ය ඇමැතිවරයා කීවේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us