රන් මිළෙහි ඉතිහාසගත ඉහළ යෑමක්

Published in පුවත්
Tuesday, 23 December 2025 07:58

ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ ඉහළම රත්තරන් මිල ඊයේ (22 වැනිදා) වාර්තා විය. ඒ අනුව රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් හාරදහස් හාරසියයයි දශම දෙකයි නවයක් (4,400.29) ලෙස සටහන් විය.

ලෝක වෙළෙඳපොළේ රත්තරන් මිල ඉහළ යාම හේතුවෙන් මෙරට ස්වර්ණාභරණ වෙළෙඳපොළේ කැරට් 24 රන් පවුමක මිල රුපියල් තුන්ලක්ෂ හතළිස්හතර දහසක් (344,000) දක්වා ඉහළ ගොස් ඇතැයි සමස්ත ලංකා ස්වර්ණාභරණ අලෙවිසල් හිමියන්ගේ සංගමයේ ලේකම් රාමන් සුබ්‍රමනියම් පැවැසීය. තවද කැරට් 22 රන් පවුමක මිල රුපියල් දෙලක්ෂ දහඅටදහස් පන්සියයක් (218,500) දක්වා ද, කැරට් 18 රන් පවුමක මිල රුපියල් දෙලක්ෂ පනස් (258,000)ක් දක්වා ද ඉහළ ගොස් ඇතැයි ලේකම්වරයා කීවේය.

මේ අතර මෙම වසරේදී ලෝක වෙළෙඳපොළේ රන් මිල සියයට හැටකට (60%) වඩා වැඩි ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇත. ඉකුත් ඔක්තෝබර් මාසයේදී ද ලෝක වෙළෙඳපොළේ රත්තරන් මිල ඉහළ ගියේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us