subash

subash

ජනවාරි මායෙට අදාළව ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදුනොකිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබේ.

පොළොන්නරුවට ඇදහෙන අධික වර්ෂාව හේතුවෙන් මහවැලි ගඟ මේ වන විට පිටාර ගලමින් පවතින අතර පොළොන්නරුව සෝමාවතිය සුංගාවිල ප්‍රධාන මාර්ගය අද (07) උදෑසන 8.30 සිට සැහැල්ලු වාහන සඳහා සම්පූර්ණයෙන්ම වසා දමන බව පොලිසිය මහජනතාවට දැනුම් දී තිබෙනවා.

මතභේදයට තුඩු දී ඇති 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ නුසුදුසු වෙබ් අඩවියක් අඩංගු වී තිබු පාඩම ඉවත් කිරීමට ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යයන උපදේශක මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.

පෞද්ගලික ඖෂධ අලෙවිසල් (ෆාමසි) වල අනිවාර්යයෙන්ම රජයේ ලියාපදිංචි ඖෂධවේදියකු රැඳී සිටිය යුතු බවට ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) පනවා ඇති නව නීතිය හේතුවෙන් මෙරට ඇති පෞද්ගලික ඔසුසල් 4803 න් 2881 ක් පමණ වැසී යාමේ අනතුරක් ඇතැයි සමස්ත ලංකා පෞද්ගලික ඖෂධ ශාලා හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

පාසල් නිල ඇඳුම් බෙදා හැරීම ලබන 15 වැනිදා සිට ආරම්භ කරන බව, අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

යෝජිත නව විදුලි ප්‍රතිපත්තිය මඟින් තම ප්‍රදේශයේ ඇති වීථි ලාම්පු සඳහා වැයවන මුදල එම ප්‍රදේශයේ ජනතාවගේ විදුලි බිලෙන් අයකිරීමට යෝජනා කර ඇති බව විදුලිය පාවිච්චිකරනන්ගේ සංගමය පවසයි.

දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පැවති අඩු පීඩන කලාපය ඉදිරි පැය 12 තුළදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සංශෝධිත ජාතික පාරිසරික පනත යටතේ වායු දූෂණය, ශබ්ද දූෂණය සහ ජල දූෂණය සිදු කිරීම වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගතහැකි සංඥය වැරැදි බවට පත්කර ඇති අතර එම වරදක් සිදුකරන අයකුට රුපියල් ලක්ෂයේ සිට මිලියනයක් දක්වා දඩ නියම කළහැකි බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරයි.

රන් මිළ තවත් ඉහළට

Published in පුවත්
Tuesday, 06 January 2026 12:11

වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝව අමෙරිකාව විසින් යටත්කර ගැනීමත් සමඟ ලෝක රන් මිල තවදුරටත් ඉහළ ගොස් තිබේ.

පසුගිය මහ මැතිවරණ සමයේ මැතිවරණ නීති උල්ලංඝනය කළේ යැයි පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩු කටයුත්තක් සඳහා අද (06) උදෑසන හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

Connet With Us