වීථි ලාම්පු බිලත් ජනතාවගේ විදුලි බිලෙන් අය කිරීමක් ?

Published in පුවත්
Wednesday, 07 January 2026 09:49

යෝජිත නව විදුලි ප්‍රතිපත්තිය මඟින් තම ප්‍රදේශයේ ඇති වීථි ලාම්පු සඳහා වැයවන මුදල එම ප්‍රදේශයේ ජනතාවගේ විදුලි බිලෙන් අයකිරීමට යෝජනා කර ඇති බව විදුලිය පාවිච්චිකරනන්ගේ සංගමය පවසයි.

එහි ජාතික ලේකම් සංජීව ධම්මික මහතා පැවසුවේ, මෙම අගය විදුලි පාරිභෝගිකයාගේ බිලෙන් සියයට 2.2 නොවැඩි වියයුතු බවටද දැනුම් දී ඇති බවය.

"යම්කිසි ප්‍රදේශයක භාවිත කරන විදුලි බල්බ්වල වොට් ප්‍රමාණය ගණනය කරලා, ඒ ප්‍රදේශයේ වෙසෙන ජනතාව අතර බෙදලා විදුලි බිලට එකතු කරන්න හදනවා. ඒ එකතු කරන අගය තමුන්ගේ විදුලි බිලේ වටිනාකමින් 2.2% නොවැඩි අගයක් විය යුතුයි කියලත් කියලා තියෙනවා."

වීථි ලාම්පු කළමණාකරණ කිරීම සඳහා පළාත් පාලන ආයතනවලට ඇති බලය ඉවත් කර වෙනත් ආයතනයකට පැවරීමට ද එමඟින් යොජනා කර ඇති බව ඔහු සඳහන් කළේය.

"අපි දන්නවා ප්‍රාදේශීය සභාවකින්, නගරසභාවකින්, මහ නගර සභාවකින් තමා මේ පොදු වීථි ලාම්පු සහ පොදු ආලෝකකරණය ගැන නගරබද නඩත්තු කටයුතු කරන්නේ. දැන් මේ යෝජනාවේ තියෙනවා මේවා ප්‍රාදේශීය සභාවෙන්, නගරසභාවෙන් ගලවලා දාලා වෙනම ආයතනයක් හදන්න."

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us