එහිදි නඩුව කැඳවු බදුල්ල මහෙස්ත්‍රාත් උදිත් ගුණතිලක මහතා විසින් එම නඩුව මැයි මස 5 වනදා නැවත කැඳවන ලෙස නියෝග කළේය.
මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අවසන් කිරීමට තිබු දින දහවල් බදුල්ල නගරයේ දී මැතිවරණ නීති උල්ලංඝනය වන ආකාරයෙන් පෙළපාලියකින් ගමන් කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට, පසුගිය වසරේ නොවැම්බර් මස 20 වන දින බදුල්ල මූලස්ථාන පොලීසිය වෙත පැමිණි අවස්ථාවේ දී අත්අඩංගුවට ගනු ලැබූ හරීන් ප්‍රනාන්දු මහතාව එදින බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ 5ක ශරීර ඇප මත මුදාහැරියේය.

