2025 වසරේදී පමණක් පුද්ගලයන් ලක්ෂ දෙකකට අධික පිරිසක් පොරොන්දු පත්‍ර ලබාදී තිබෙන බව ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ සභාපති අයෝද්‍ය සම්පත් ද සිල්වා පැවැසීය.
මාසයකට පොරොන්දු පත්‍ර 300 කට ආසන්න ප්‍රමාණයක් මේ ආකාරයෙන් ලැබෙන බවද හෙතෙම කීවේය.
අක්ෂි දාන සංගමය වසර හැට හතරක් මුළුල්ලේ මෙරට තුළ මිය ගිය පුද්ගලයන් ලක්ෂයකගේ අක්ෂි කුනීත විදේශීය රටවල්වල අයට බද්ධ කර පෙනීම ලබාදී ඇති බවද හෙතෙම කීවෙය.
අක්ෂී කුනීත ලක්ෂයක් බද්ධ කිරීම නිමිත්තෙන් ජාතික උත්සවයක්ද ලබන 30 වැනිදා පවත්වන බවත් ජනාධීපතිවරයා, අගමැතිනිය, මැති ඇමැතිවරුන් මෙන්ම විදේශීය දූත මණ්ඩලවල රාජ්‍ය තාන්ත්‍රිකයන් ද මෙම උත්සවයට සහභාගි වන බවත් අක්ෂිදාන සංගමයේ සභාපතිවරයා කීවේය.

