පෞද්ගලික ඔසුසල් 2881 ක් වැසී යාමේ අනතුරක

Published in පුවත්
Wednesday, 07 January 2026 10:02

පෞද්ගලික ඖෂධ අලෙවිසල් (ෆාමසි) වල අනිවාර්යයෙන්ම රජයේ ලියාපදිංචි ඖෂධවේදියකු රැඳී සිටිය යුතු බවට ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) පනවා ඇති නව නීතිය හේතුවෙන් මෙරට ඇති පෞද්ගලික ඔසුසල් 4803 න් 2881 ක් පමණ වැසී යාමේ අනතුරක් ඇතැයි සමස්ත ලංකා පෞද්ගලික ඖෂධ ශාලා හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

පෞද්ගලික ඔසුසල් (ෆාමසි) වල බලපත්‍ර වාර්ෂිකව අලුත් කළ යුතුය. ඒ අනුව ලබන පෙබරවාරි 28 වැනිදාට පෙර බලපත්‍ර අලුත් කිරීමේදී අදාළ ෆාමසිය තුළ වගකීම බාර ඖෂධවේදියා (Responsible Pharmacist) පූර්ණකාලීනව සේවය කළ යුතු බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) සියලුම බලපත්‍රලාභීන්ට ලිඛිතව දැනුම් දී ඇතැයි සමස්ත ලංකා පෞද්ගලික ඖෂධ ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති චන්දික ගන්කන්ද ‘අරුණ’ ට පැවැසීය.

රටට අවශ්‍ය තරම් ඖෂධවේදීන් නොමැති බවත්, මෙම තීරණය නිසා ෆාමසි පවත්වාගෙන යාම අර්බුදයට යන බවත් චන්දික ගන්කන්ද පැවැසීය. මේ අතර ෆාමසි අතර දුර සීමාවද ජනවාරි 1 වැනිදා සිට ඉවත් කර ඇති අතර ඊට අදාළව අනිවාර්ය කොන්දේසි තුනක් ඇතුළත් කරමින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය කේ. එම්. පී. කේ. බණ්ඩාර විසින් ඒ බව සියලුම බලපත්‍රලාභීන්ට දැනුම් දී තිබේ.

ඒ අනුව අයැදුම්කරු ෆාමසියෙහි තනි හිමිකරු විය යුතුය. ඖෂධවේදියා පූර්ණකාලීනව එහි සේවය කළ යුතුය. 2015 අංක 5 දරණ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පනත සහ රෙගුලාසිවලට අනුව අනෙකුත් නිර්ණායක තිබිය යුතුය. තවද ස්ථානීය අනුමැතිය නිකුත් කිරීමෙන් පසු සම්මුඛ පරීක්ෂණයට පෙර ව්‍යාපාර ලියාපදිංචි සහතිකය (BRC) ඉදිරිපත් කළ යුතු බවට කොන්දේසි ඊට ඇතුළත් කර ඇත.

මෙම වෙනස්කම් කරනු ලබන්නේ නව ඖෂධ ශාලා පිහිටුවීම නියාමනය කිරීමට බවත්, ලියාපදිංචි ඖෂධවේදීන්ගේ සෘජු හිමිකාරිය යටතේ වෘත්තීයමය ඖෂධ සේවාවක් මහජනතාවට ලබාදීම සඳහා බවත් ඖෂධ නියාමන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි

-aruna

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us