subash

subash

සිරිසේන ජනාධිපතිවරයා පත් කළ හොර අගමැති මහින්ද රාජපක්ෂට අද දිනද පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාසය දි ගත නොහැකි බව ඉලෙක්ට්‍රොනික මාධ්‍යය පාවිච්චි කිරීමෙන් අනතුරුවද තහවුරු කෙරිණි.

සිරිසේනගේ සහ මහින්දගේ දේශපාලන සදාචාරය දැන් පැහැදිලිය. ආණ්ඩුවක් කරගෙන යන තබා පාර්ලිමේන්තුව තුල හැසිරීමද ඔවුන් නොදන්නා බව පැහැදිලිය. වත්මන් පාර්ලිමේන්තුව තුල මහින්ද රාජපක්ෂට ආණ්ඩුවක් පවත්වාගෙන යැමේ හැකියාවක් නැති බව දැන් තුන් හතර ගමනක්ම ඔප්පු කිරීමට අනෙකුත් පක්ෂ වලට හැකි විය.

අපේ පොලිස් සහ උසාවි

පොලීසි වල තාප්ප කඩා මල් වැව්වාට, පොලිස්පති පූජිත් ජයසුන්දර භාවනා පන්ති කළාට පොලිසි ඇතුළේ තවදුරටත් සැකකරුවන්ට කෲර වධ හිංසා කෙරෙන්නේය. සැකකරුවන් මාංචු පිටින් ගංගා වලට පැනීම අඩු වූවාට අදටත් ඒ එකදු සිද්ධියක් සම්බන්ධයෙන් හෝ කිසිදු අධිකරණයක් පොලිස් ස්ථානාධිපතිවරයකුගෙන් ප්‍රශ්න කර නැත. අත්අඩංගුවට ගන්නා ඕනෑම සැකකරුවකුගේ වගකීම පොලිස් ස්ථානාධිපතිවරයා දැරිය යුතුය. ඒ කියන්නේ ඒ සියලු ඝාතන වලින් ගැලවෙන්නට අධිකරණයටත් නොහැකිය.

ඉන්දීය සුපිරි නළු අමිතාබ් භච්චන් සිදුකළ සුවිශේෂී වැඩක් ගැන ලොව පුරා මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය රාජපක්ෂ පාලන සමයේදී ගෝඨාභය රාජපක්ෂ විසින් කතරගම මැණික් ගඟ රකෂිතයේ නිති විරෝධීව ඉදි කරන ලද සුවිසල් නිවස පිළිබඳ, මෑතකදී රහස් පොලිය ආරම්බ කර තිබූ විමර්ශන කටයුතු වහාම අත් හි‍ටුවන ලෙස රහස් පොලිසියේ උසස් නිළධාරියෙකුට අද නියෝගයක් ලබා දී තිබේ.

රාජපක්ෂ පාලන සමයේ ජඩ කෙරුම්කාරයකු වු ලක්ෂමන් හුළුගල්ලේ නැමැත්තාව අද උදෑසන ඇපලෝ රොහලේ සභාපතිධුරය සඳහා නම් කර තිබෙනවා. බැසිල් රජපක්ෂගේ දකුණු අත ලෙස සැලකෙන හුලුගල්ලෙ පසුගිය කාලයේ බැසිල් ගේ කොන්ත්‍රාත් ඉ‍ටු කළ ආන්දොලනාත්මක චරිතයක් ද වුණා.

ආරක්ෂක මාණ්ඩලික නිළධාරී රවී විජේගුණවර්ධනට චෝදනා වලින් පැන යාමට ඉඩ නොදි ඔහුව කෙසේ හෝ අදාල චෝදනාව සම්බන්ධයෙන් අධිකරණය හමුවට පැමිණවීම සඳහා රහස් පොලිසිය කටයුතු කරමින් සිටින බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. අපරාධ විධිවිධාන සංග්‍රහයේ 109 වන වගන්තිය යටතේ ඔහුව අත් අඩංගුවට ගැනීමේ හැකියාවක් ඇති බවද පැවසේ.

රාජපක්ෂලාගේ මීනීමරු අපරාධ ගැන පරීක්ෂණ පවත්වමින් සිටි රහස් පොලීසියේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාව එම රාජකාරී වලින් හා රහස් පොලීසියෙන් ඉවත් කිරීමට තමාට දැනුම් දුන්නේ ජනාධිපතිවරයා බවට පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් ආරක්ෂක ලේකම් වරයාට කළ ලිඛිත දැනුම් දීම සම්බන්ධයෙන් අද සිරිසේනගේ ගිරා පෝතකයන් පිලිතුරු ලබා දීම සිදු කර තිබෙනවා

සිරා මරා දීගයට කණ කොකා හැඬීම දැන් වෙන්න පටන් ගෙන තිබේ. රාජපක්ෂවරු කොල්ල කා ගත් බලය යොදාගෙන මේ වන විට රාජ්‍ය ආයතන සඳහා ප්‍රධානින් ගනනාවක් පත් කිරීමට කටයුතු යොදමින් තිබේ. එහෙත් මේ සියලු පත් වීම් ජනාධිපතිවරා ඒ සැනින් වෙනස් කරගෙන යනු ලැබෙනු දකින්නට ලැබේ.

පොලිස් පරික්ෂක නිශාන්ත සිල්වා මහතා පසුගියදා අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ඇත්ත හේතුව හෙළිකරම්න් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාට ලිපියක් යොමු කර තිබෙනවා.

Connet With Us