subash

subash

සිරිසේන ජනපති විසින් අද සවස් වරුවේ කැදවා තිබුණ සර්ව පාක්ෂික සමුළුවත් සිරිසේනගේ හිතුවක්කාර මෝඩ කතන්දර අසා සිටීමෙන් පසුව කිසිදු වැද්ගත් කමකින් තොරව අවසන් වී ඇත.

ශ්‍රී ලංකාව නීතිය හා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්ති නිසි පරිදි ක්‍රියාවට නැංවීම සිදු නොකළහොත් ශ්‍රී ලංකාව හා අමෙරිකා එක්සත් ජනපදය අතර දැනට පවත්වාගෙන යන හා අනාගතයේදී සිදු කිරීමට නියමිත සියලු ආරක්ෂක ව්‍යාපෘති නවතා දැමීමට හැකි බව අමෙරිකානු තානාපති කාර්යාලය පවසනවා.

රාජ්‍ය භාණ්ඩාගාරය මේ වන විටත් මුදල් නොමැති වීම හේතුවෙන් අසරණ තත්වයට පත් වී තිබෙනවා. මුදල් අමාත්‍යංශ ජ්‍යේෂ්ඨ නිළධාරියෙක් පැවසුවේ මේ වසර අවසානය වනතෙක් සිදු කිරීමට තිබෙන ව්‍යපෘති අඛණ්ඩව සිදු කරගෙන යාම සඳහා අරමුදල් නොමැති වීමෙන් රටේ සංවර්ධන වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති බවයි.

රාජපක්ෂ යුගයේ සිදු කෙරුණු බරපතල අපරාධ ගැන විමර්ශන ගනනාවක් සිදු කරමින් සිටි පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම විමර්ශන වලින් ඉවත් කරන ලෙස සිරිසේන ජනාධිපතිවරයා අද පොලිස්පතිවරයාට නියෝග කර තිබේ. ඒ අනුව ඔහුව අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවෙන්ම ඉවත් කිරීමට කටයුතු සිදු කෙරෙමින් පවතී

සිරිසේන සහ මහින්ද එකතුව විසින් සිදු කළ ජඩ දේශපාලන කුමන්ත්‍රණය හෙළිදරව් වීම නිසා බරපතල දේශපාලන ආගාධයකට වැටී සිටින මේ තක්කඩියන් දෙදෙනාගේ ප්‍රතිරූපය යළි ඉහළදමා ගැනීම වෙනුවෙන් කතානායක කරූ ජයසුරිය ඉලක්ක කරගෙන දැවැන්ට මඩ ප්‍රචාරක ව්‍යාපෘතියක් දියත් කිරීමට සැලසුම් කර තිබේ.

ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන අර්බුදය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා‍වට සිය ආධාර ලබා දීම අත්හිටවූ බව අද පවසා තිබෙනවා. The Sunday Morning පුවත්පත ඔස්සේ සිය අදහස් දක්වමින් එහි ප්‍රකාශක ජෙරී රයිස් මේ බව පවසා තිබෙනවා.

සිරා මරා බලු පූ‍ටුවේ බල ප්‍රේත කුමණ්ත්‍රණය හේතුවෙන් ශ්‍රිලංකාව ලෝකය හමුවේ දිනගෙන තිබෙන යහපත් ප්‍රතිරූපය දිනෙන් දින කෙලෙසෙමින් තිබෙන බව මේ වන විට මෙරට සංචාරක ව්‍යාපාරයේ සීග්‍ර කඩා වැටීමේ සාක්ෂි සපයයි.

සිරිසේන ජනාධිපතිවරයා අද සවස කැඳවා තිබෙන සර්ව පාක්ෂික් සමුළුව බලයට තිබෙන මළ පෙරේතකම නිසා සිදු කරන්නක් බව පැහැදිලි වෙමින් තිබේ.

සිරිසේන ජනාධිපතිවරයා අද උදෑසන මහින්ද පාර්ශ්වයට හා එජාපයට දන්වා ඇත්තේ ඉදිරි පැය 24 ඇතුලත 113 ක බහුතරයක් තමන්ට ඇති බව ඔප්පු කරණ පාර්ශ්වයට අගමැතිකම දෙන බවය. 

ජනාධිපති සිරිසේන විසින් නීති විරෝධී ලෙස මහින්ද රාජපක්ෂ අගමැතිධුරයේ හිඳවීමේ සිට මේ දක්වා වූ සිදුවීම් දාමය එක්සත් ජාතික පක්ෂයට දේශපාලනිකව අතිශය වාසි සහගත බව එජාපයේ ජේෂ්ඨ ඇමැතිවර්යකු පැවසීය. 

Connet With Us