subash

subash

උතුරු ඊශ්‍රායලයේ ලෙබනනයට සහ සිරියාවට ආසන්නව ඇති නගරවලට ප්‍රහාර එල්ලවීමේ අවදානමක් පවතින බැවින් එම ප්‍රදේශවල වෙසෙන ශ්‍රී ලාංකිකයින් ලබාදී ඇති ආරක්ෂක උපදෙස් නිසිපරිදි අනුගමනය කළයුතු බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම්දීමක් කර ඇත.

චීන සමූහාණ්ඩුවේ ආධාර යටතේ එක් දින ධීවර යාත්‍රාවන් සඳහා නොමිලේ භූමිතෙල් ලබා දීමේ වැඩසටහනේ දෙවන අදියර ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තගේ ප්‍රධානත්වයෙන් බේරුවල වරාය පරිශ්‍රයේදී ආරම්භ විය.

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබේ.

ඊශ්‍රායලයට හමාස් සංවිධානය විනාශ කිරීමට හමුදා ක්‍රියාමාර්ග ගත හැකි නමුත් ගාසා තීරය විනාශ කළහොත් ලැබෙන ප්‍රතිචාරය මොකද්ද? යනුවෙන් ප්‍රශ්න කරන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන් පැය 24න් මුළු තත්ත්වයම වෙනස් වෙන බවත් ආණ්ඩුවලට තත්වය පාලනය කිරීමේ හැකියාව අහිමි වෙන බවත් පවසයි.

නායයෑමට ලක්වූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව හා පින්නදූව අතර 102 කිලෝමීටර් කණුව ආසන්නයේ මාර්ග කොටසේ පස් ඉවත් කිරීමේ කටයුතු තවදුරටත් සිදුකෙරෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

පරිසර අමාත්‍ය ධුරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතට ගෙන ඇත.

අක්ෂි සැත්කම් සඳහා කාචවල හිඟයක් නැති බව ජාතික අක්ෂි රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චින්තක බටවල ප්‍රකාශ කර තිබේ.

made a scary revelation about the electricity board!

Published in පුවත්
Thursday, 12 October 2023 18:15

Fitch Ratings revealed that even if the electricity tariffs are increased by 150%, the income received will not be enough to meet the financial needs of the Sri Lanka Electricity Board or to cover the interest payable to various creditors this year.

සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන් ඉදිරිපත් කළ පෙත්සම් විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද ආරම්භ වුණා.

පාසල් දරුවන්ට නිසි පෝෂණය නොලැබීම නිසා ඇතිවන ඌන පෝෂණ තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා සබලකෘත සහල් දිවා ආහාර වේලට එකතු කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දීමට ලෝක ආහාර වැඩසටහන සහයෝගය පළ කර ඇත.

Connet With Us