subash

subash

ඇල්ල-වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ රාවණා ඇල්ල අසලදී පසුගියදා (04) සිදු වූ බස්රථ අනතුරෙන් විපතට පත්වූ මගීන් බේරාගැනීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ 2 වන විශේෂ බලකා රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව්.එම්.වී.එම්. බණ්ඩාරව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ මහතා අගය කරයි.

සමගි ජන බලවේගයට එක්වීම හේතුවෙන් පක්ෂ සාමාජිකත්වය අත්හිටවනු ලැබූ සහ විනය ක්‍රියාමාර්ග ගත් එක්සත් ජාතික පාක්ෂිකයන්ට පනවා තිබූ පක්ෂ තහනම් නියෝග සියල්ල ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේ.

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටසේ යළි ඉදිකිරීම් ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවුණි.

සිය නිල නිවාසයේ මාස දෙකක කාලයක් සිටීමට ඉඩ ලබාදෙන ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග නිතීඥ සමාගමක් හරහා ලිපියක් එවා තිබෙන බවත්, ඇතැමුන් නිල නිවාසවලින් ඉවත් වූවත්, තවමත් භාණ්ඩ බාරදී නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවැසීය.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ (16) රාත්‍රියේ සිට කඩින් කඩ ඇද හැලෙන අධික වර්ෂාව සහ ඝණ මීදුම් තත්ත්වය හේතුවෙන් රථවාහන ගමනා ගමනයට බාධා එල්ල වී තිබෙනවා.

ලංකා විදුලි බල මණ්ඩල සේවකයින් අද දිනයේ අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රීයාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.

ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරුන් 6 දෙනකුගේ වත්කම් සම්බන්ධයෙන් වහාම විමර්ශනය කරන ලෙස සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයකු වන ජාමුණි කාමන්ත විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත්ව ඇත.

විදෙස්ගත ලාංකිකයන්ගේ ඡන්ද අයිතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් පවතින නීති වෙනස් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

කෙහෙළියට අධිචෝදනා

Published in පුවත්
Tuesday, 16 September 2025 14:35

ඉකුත් රජය සමයේ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීම තුළින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් පිරිසකට අද (16) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අධිචෝදනා භාරදුන්නේය.

Connet With Us