මින් ඉදිරියට විදෙස්ගත ලාංකිකයන්ටත් ඡන්දය ප්‍රකාශ කිරීමට ක්‍රමවේදයක් ?

Published in පුවත්
Tuesday, 16 September 2025 15:25

විදෙස්ගත ලාංකිකයන්ගේ ඡන්ද අයිතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් පවතින නීති වෙනස් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

වත්මන් මැතිවරණ පනත යටතේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ක්‍රමවේද හෝ ඒ සඳහා නීති සකස් වී නැහැ.

එසේවුවද ඉන්දියාව, බංග්ලාදේශය, පිලිපීනය වැනි බොහෝ ආසියාතික රටවල් සිය විදේශගත පුරවැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි වන පරිදි නීතිමය ක්‍රමෝපායයන් සකස් කර තිබෙනවා.

ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ද ඒ ආකාරයේ නීතිමය සංශෝධන සිදුකිරීම කාලීන අවශ්‍යතාවක් බවට හඳුනා ගෙන ඇති බැවින් මෙම පියවර ගත් බවයි රජය පවසන්නේ.

ඒ අනුව පවතින නීති සංශෝධනය කිරීමට හෝ නව නීති සකස් කිරීමටයි රජය සූදානම් වන්නේ.

මේ සඳහා වන නීතිරීති පිළිබඳ කරුණු අධ්‍යයනය කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සහ අනෙකුත් අදාළ අමාත්‍යාංශවල සහ ආයතනවල නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමටයි නියමිතයි.

මේ පිළිබඳ පියවර ගැනීම සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව, ජනතාවට ඇති පරමාධිපත්‍ය බලය ජනතාව විසින් ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ඇත්තේ ඡන්දයකදීයි.

ඡන්ද බලය, මැතිවරණ නීතිය අනුව ශ්‍රී ලංකාව තුළ වාසය කරන සහ මැතිවරණ නාමලේඛනයේ නම ලියාපදිංචි වී ඇති පුරවැසියන්ට පමණක් සීමා වී තිබෙනවා.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us