එක්සත් රාජධානියේ විද්‍යුත් මාධ්‍ය සඳහා තිබෙන මාර්ගෝපදේශන සම්න්ධයෙන් මේ වන විට ක්‍රියාත්මක නීති පද්ධතිය නව 'විකාශන අධිකාරි පනත' මඟින් මෙරටට නීතියට ඇතුලත් කරන බව ජනාධිපති රනිල වික්‍රමසිංහ පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රට ගොඩනඟන වැඩපිළිවෙළ සාර්ථකව ඉදිරියට ගෙනයාම සඳහා ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය ලෙස පොදුජන පෙරමුණ විසින් මෙතෙක් ලබාදුන් සහය අඛණ්ඩව ඉදිරියටද ලබාදෙන බව එම පක්ෂයේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ අවධාරණය කර ඇත.

ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත මෘදුකාංග විසඳුමක් වන ManKiwwa ජංගම දුරකථන යෙදුමට World Summit Awards සම්මාන උළෙලේදී ජාත්‍යන්තර සම්මානයක් හිමිවී ඇත.

තිරියාය සහ මුලතිව් පුරාවිද්‍යා භූමි ගැන පුරාවිද්‍යා අධ්‍යක්ෂක සහ ජනාධිපතිවරයා අතර කතාබහේ සම්පුර්ණ වාසිය ගන්නේ ජනාධිපතිවරයා. ගොඩක් අය හිතනවා ඇති ඒකට හේතුව බලය කියල. බලයත් එක්ක එන සංකේතීය අධිපති අවකාශය කියල. ඒකෙ යම් ඇත්තක් පවතින්න පුළුවන් උනත් ලංකාවේ විශ්ව විද්‍යාලයක මහාචාර්යවරයෙක් ජනාධිපතිවරයාට මුහුණ දුන්න හැටි ගැන මට මෙහෙම හිතුණා.

මැතිවරණ (විශේෂ විධිවිධාන) පනත නමින් නව පනතක් සකස් කිරීමට අවශ්‍ය කෙටුම්පත සැකසීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

මෙරට සන්නද්ධ හමුදාවන් අති නවීන තාක්ෂණයෙන් සහ හැකියාවන්ගෙන් සන්නද්ධ කිරීම අත්‍යාවශ්‍ය බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසයි. එමෙන්ම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විශිෂ්ට ද්විපාර්ශ්වික සබඳතාවල දිගුවක් ලෙස ආරක්‍ෂක ක්ෂේත්‍රයේ සහයෝගීතාව වසර ගණනාවක් පුරා අඛණ්ඩව වර්ධනය වෙමින් ශක්තිමත්වී ඇති බවත් පසුගිය දශකය තුළ ඉන්දීය ආරක්‍ෂක නිෂ්පාදන අංශයේ දියුණුවට සමගාමීව ඉන්දියාවෙන් දෘඩාංග මිලදී ගැනීම දෙරට අතර සහයෝගීතාවයට නව මානයක් එක් කළ බවත් පසුගිය බදාදා (ජුනි 07) කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී පැවති ඉන්දීය ආරක්‍ෂක අපනයන ප්‍රවර්ධන සම්මන්ත්‍රණය සහ ප්‍රදර්ශනයට සහභාගී වෙමින් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය වරයා පැවසීය.

ඔවුහු හැම දවසකම එක් වතාවක් නොව, අඩු තරමින් දහ දාළොස් වතාවක්වත් සිය ජීවිතය පරදුවට තබති. ඒ තමන්ගේත් තම දරු පවුල්වලත් ජීවිත ගැටගසා ගැනීම පිණිසය. උතුරේ ආර්ථිකයට මෙන්ම රටේ සමස්ත ආර්ථිකයටද වැදගත් දායකත්වයක් දැක්වුවද ඔවුහු තවමත් අතීත වැඩවසම් මිනුම් දඬු මත බරපතළ ලෙස කොන්කිරීමට ලක් වෙති. දැන්වත් මේවා එළිපිට කතා කොට කෙළවර කරගත යුතු නොවේද?

වත්මන් ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා මුදල් ලබාගැනීම පිළිබඳ කිසිදු වරදක් නොමැති බවත් අද දිනයේ පාර්ලිමේන්තුවට පැමිණියේනම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබාගැනීම පිළිබඳ ඡන්ද විමසීමට තමා පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බවත් ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය. ඔහු මේ බව සඳහන් කළේ අද(28) පොළොන්නරුවේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

මැතිවරණය කල්යාම හේතුවෙන් අපහසුතාවයට පත්ව ඇති අපේක්ෂක රාජ්‍ය සේවකයින් මුහුණ දී ඇති ගැටළුව විසඳුමක් ලබා දෙන්නයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන, ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලිපියක් යොමු කර තිබේ.

විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ විසින් පසුගියදා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට එවා තිබු වහා ඉටුකළ යුතු වෘත්තීය ඉල්ලීම් කිහිපය තුළ ආචාර්යවරුන්ට හිමිවන පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරීම වෙනුවෙන් අචාර්යවරයකු විදේශගත වන විට ආචාර්ය වරයා සමඟ පවුලේ සාමාජිකයන්ට විදේශගත වීමට හැකි වන සේ රජයේ වියදමින් ගුවන් ටිකට්පත් ලබාදිය යුතුය යන ඉල්ලිමක් ඉදිරිපත්ව තිබේ.

Connet With Us