ඉතිහාසය කියන්නේ රනිල්ට ෆැන්ටසි එකක්. අපිට නිකම්ම ඉතිහාසයක්. Featured

Tuesday, 13 June 2023 12:25

තිරියාය සහ මුලතිව් පුරාවිද්‍යා භූමි ගැන පුරාවිද්‍යා අධ්‍යක්ෂක සහ ජනාධිපතිවරයා අතර කතාබහේ සම්පුර්ණ වාසිය ගන්නේ ජනාධිපතිවරයා. ගොඩක් අය හිතනවා ඇති ඒකට හේතුව බලය කියල. බලයත් එක්ක එන සංකේතීය අධිපති අවකාශය කියල. ඒකෙ යම් ඇත්තක් පවතින්න පුළුවන් උනත් ලංකාවේ විශ්ව විද්‍යාලයක මහාචාර්යවරයෙක් ජනාධිපතිවරයාට මුහුණ දුන්න හැටි ගැන මට මෙහෙම හිතුණා.

කතාබහේ වාසිය ජනාධිපතිවරයා ගැනීමේ ප්‍රධාන හේතුව පුරාවිද්‍යා අධ්‍යක්ෂකගේ කරුණුමය නොසූදානම (factual unpreparedness). ඒ කියන්නේ කරුණු හොඳට හදාරලා නොපැමිණීම. අනික කරුණු එක්කම එන තර්කනයේ නොසූදානම (lack of articulation). පොදුවේ කිව්වොත් මොන භාෂාවකින් හරි දක්ෂ ලෙස කරුණු ගලපමින් කරුණු සහ භාෂාව සංස්ලේෂණය (synthesize) කරමින් ප්‍රතිඋත්තර දෙන්න බැරිකම. ඒ කුසලතා (skills) නැති නිසා හෝ මෙතැනදී ඒවා පාවිච්චි කරන්න බැරිවීම නිසා පුරාවිද්‍යා අධ්‍යක්ෂ තමන්ගේ ඊගෝ (ego) එක රිදවා ගන්නවා.

තවත් විශේෂ දෙයක් තමයි රනිල් භාෂා දෙක (සිංහල සහ ඉංග්‍රීසි) අතර දක්ෂ ලෙස මාරුවෙමින් (code switching and code mixing) තමන්ගේ සාකච්චාව සිංහල සහ දෙමළ ජනකොට්ටාශ දෙක අතරේ පාලමක් ලෙස භාවිත කිරීම. මේ දක්ෂතාව සමකාලීන කිසිදු දේශපාලන නායකයෙකුට නැහැ.

අනික තමයි ඔය මානවම්ම කතාවේ ඉඳල මම කියපු එක. ඒ තමයි රනිල් දක්ෂයි ඉතිහාසය එක්ක භාෂා සෙල්ලම් කරන්න. අනික එයා ලංකාවේ ඉතිහාසය කියවන්නේ ඉංග්‍රීසියෙන්. අපිට දැනෙනවට වැඩිය ඒක එයාට දැනෙන්නේ එයා රාජ්‍ය පාලනය ඇතුලේ ඉඳල ආපස්සට ඉතිහාසය කියවන නිසා (retroactive).

දැන් අපිට මානවම්ම රජ්ජුරුවෝ එතරම් දැනෙන්නේ නැති උනාට ඒ දවස්වල රට පට්ට අර්බුදයක තියන වෙලාවේ එයා බලය නැතුව ඉඳගෙන මානවම්ම කියවද්දී දැනෙන විදිය ගැන හිතන්න.

මානවම්ම කියන්නේ අරාජක අනුරාධපුරය එක්සේසත් කරලා ආපහු සෞභාග්‍යය ගෙනාපු රජ්ජුරුවෝ කියල තමයි මහාවංසය කියන්නේ. දැන් ඒක අපි වගේ පොරවල්වලට එතරම් දැනෙන්නේ නැති උනාට රටේ රාජ්‍ය පාලනය ඇතුලේ හිටපු, රාජ්‍ය පාලනය වෙනුවෙන් වැඩකරන පවුලක කෙනෙක්ට ඒක දැනෙන්නේ වෙනත් විදියකට. ඔතන තමයි ඔය අතිමූලික වෙනස එන්නේ.

''හරි...මේ අරාජක වෙලාවේ මටත් පුළුවන් නේද මානවම්ම වගේ වෙන්න....'' ඉතින් එහෙම සිතුවිල්ලක් එක්ක ඉතිහාසය කියවන එකෙක් සහ කොහේහරි ගමකින් විශ්ව විද්‍යාලට ඇවිල්ල තවත් ඔය තියන විෂයන් අතරින් පුරාවිද්‍යාව ඉගෙනගෙන ඒකෙන් මහාචාර්යවරයෙක් වෙච්ච එකෙක්ගේ කියවීමයි කියන්නේ පැහැදිළි දෙකක්. පළවෙනි එක තමන්ට සමීප ඓන්ද්‍රීය කියවීමක්. දෙවැන්න ජීවත්වෙන්න ඕනි නිසා වෘත්තියක් ඇතුලේ කියවන කියවීමක්. ඒ අස්සේ දේශපාලන පත්වීම්.
ගිරිහඬු සෑය, තිරියාය, තපස්සු භල්ලුක, ලයිට් හවුස්, මානවම්ම, මහා විහාරය, ජේතවනාරාමය, තන්නි මුරිප්පු, හොරොව්පතාන, මන්නාරම ඔය ඔක්කොම රනිල් කියවන්නේ සහ උච්චාරණය කරන්නේ එයාගේ රාජ්‍ය පාලන ෆැන්ටසි එකක් එක්ක. අපි ඒවා කියවන්නේ දුරස්ථ දැනුම් කරුණු විදියට.

ඒක නිසා තමයි රනිල් ඒ කරුණු සිතියම්ගත කරන විදියට (තිරියායේ සිට හොරව්පතාන සහ අනුරාධපුර සහ මල්වතු ඔය සහ එතන ඉඳල අරාබි මුහුදට) අපිට ඒ ගැන කතාකරන්න බැරි. දෙමළ මන්ත්‍රීවරුත් වැඩිය සද්ද නැහැ. සුළුජන චන්දත් ඕනි මේ වෙලාවේ. ඒවා අර ෆැන්ටසි එකේ අමතර කරුණු.

ඉතිහාසය කියන්නේ රනිල්ට ෆැන්ටසි එකක්. අපිට නිකම්ම ඉතිහාසයක්. ඔච්චරයි වෙනස...
සටහන පොඩ්ඩක් දිග උනාට සොරි. ??

මහේෂ් හපුගොඩ

(FB සටහනකින් උපුටා ගන්නා ලදී)

ranil

Leave a comment

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us