News Items (18842)
හිරු මාධ්‍ය ජාලයේ අධිපති රෙනෝද සිල්වාගේ අලුත්ම නිවසේ ඡායාරුප කිහිපයක් අප වෙත ලැබී තිබේ. නාරහේන්පිට කිරුල පාරේ පිහිටා ඇති මෙම නිවස ග්‍රීක රෝම යුගයන්වල වාස්තුවිද්‍යා හැඩ තල යොදා ගෙන එම යුගවල රාජ මාලිගාවක ස්වරූපයෙන් නිවස අභ්‍යන්තර ඉදිකිරීම් කර ඇත.
වනාන්තර ගිනි තබන්නන්ට හා සතුන් දඩයම් කරන්නන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි වනජීවී හා වන සම්පත් සංරක්ෂණ ඇමති නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය නිලධාරීන්ට පැවසුවාය. අමාත්‍යවරිය මේ බව පැවසුවේ වනාන්තර ගිනි තැබීම් වැළැක්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පසුගියදා පැවති අවස්ථාවේදී ය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 72 වෙනි සංවත්සරය 2023 සැප්තැම්බර් 03 වන දින සවස 2.00 ට නව රෝහල පාර, ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ, මොනාක් ඉම්පීරියල් ( Monarch Imperial ) හෝටලයේ දී පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර ඇත.
තොරතුරු තාක්ෂණය, කර්මාන්තක් ලෙස සවිබල ගැන්වීමේ වැඩසටහන් පෙළක්
ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ කර්මාන්තය සවිබල ගැන්වීමේ අරමුණින් සංවිධාන කරන ලද 2023 පළාත් තොරතුරු තාක්ෂණ සමුළුව දෙදිනක් පුරා යාපනයේ දී පැවැත්විණි.
ලබන වසරේ ජනාධිපතිවරණයක් පැවැත්වීමට ඇති සුදානම් බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කරයි.
කාම්බෝජයේ හෙට දිනයේදී (ජූලි 23) පැවැත්වෙන මහ මැතිවරණයේ නිරීක්‍ෂණ කටයුතු සඳහා ජාත්‍යන්තර නිරීක්‍ෂකයෙකු වශයෙන් මෙරට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එක්වීමට නියමිත ය.
රජයට සල්ලි හොයන හැටි අහගන්න එංගලන්තෙන් සුද්දෙක් ගෙන්වයි !
රට ගොඩනැඟීමට නම් මූල්‍ය විනයක් අත්‍යාවශ්‍ය බවත්, රාජ්‍ය වියදම් පාලනයට
මෙන්ම රාජ්‍ය නව ආදායම් උත්පාදනයට විධිමත් ක්‍රමවේද කඩිනමින් හඳුන්වා දෙන
බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.
ඩුබායි කාන්තාරයට ගිහින් වැලි අහුරක් අරගෙන මේ නගරය ව්‍යපෘතියකට සුදුසු ද කියලා හොයා බලලා රටක් ගොඩනඟන්න ලොකු දායකත්වයක් දෙන්න මට පුළුවන් වුණා. ඒ ගැන ශ්‍රී ලාංකිකයෙක් හැටියට මම ආඩම්බර වෙනවා.‘ මාතලේ උපන් රංගිතා උපශාමා හේරත් අන්තිමේදී නතර වුණේ වැලි කතරක් ක්ෂේම භූමියක් බවට පත් කිරීමේ දැවැන්ත මෙහෙයුමක කොටස්කාරිනියක වෙමිනි. ඇය දශක තුනකට ආසන්න කාලයක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංවර්ධන ව්‍යාපෘති ක්ෂේත්‍රයේ වගකීම් රැසක් දැරුවාය; ගිනස් වාර්තා පොතටත් ගියාය.
ශ්‍රී ලංකාව ඉතිහාසයේ මුහුණ දුන් අසීරුතම ආර්ථික අභියෝගයෙන් මිදී ගොස් ඇතැයි ජාත්‍යන්තර බ්ලුම්බර්ග් වෙබ් අඩවිය සඳහන් කරයි.
මෙරට මුහුදු කලාපය ආශ්‍රිතව රිච්ටර් පරිමාණ අටක(8.0) භූ කම්පනයක් සිදුවුවහොත්, කොළඹ නගරයේ අස්ථාවර පාදම් සහිත උස් ගොඩනැගිලිවලට අවදානම් තත්ත්වයක් උද්ගත වියහැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ භූ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න පැවසුවේය.
