පසුගිය කාලවකවානුව රුපියල් දෙදහසේ සීමාවත් ඉක්මවා ගිය කැරට්වල මිල ගණන් මේ වනවිට රුපියල් 200ක් දක්වා පහළ ගොස් තිබේ.

මෙරට කර්මාන්ත ක්ෂේත්‍ර 21ක දකුණු ආසියාවේ ශ්‍රී ලාංකේය ඉතිහාසයේ විශාලතම ජාත්‍යන්තර ප්‍රදර්ශනය ලෙසින් ක්‍රියාත්මක “Industry EXPO 2024” කර්මාන්ත ප්‍රදර්ශනය ජූනි මස 19 කොළඹ බණ්ඩාරනායක අනුස්මරණජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී ආරම්භ කෙරෙනවා.

ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ ගේ ගීතයක් විකෘති කළැයි චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිටි සැකකරු, රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින්නැයි කුලියාපිටිය මහේස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් පෙරේදා (24 වැනිදා) නියම කළේය.

'වසත් සිරිය 2024 ' හෙට

Published in පුවත්
Friday, 26 April 2024 12:53

“වසත් සිරිය – 2024” අලුත් අවුරුදු උත්සවය ගාලුමු‍වදොර ෂැංග්‍රිලා හරිත භූමියේ දී හෙට(27) පැවැත් වෙයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලයේ සේවක සුබ සාධක සංගමය සහ රජයේ අමාත්‍යාංශ එක්ව මෙය සංවිධාන කර තිබේ.

කිසියම් සංචාරකයෙකු ස‍දහා සිය ජීවිත කාලය තුළ සංචාරය කළ යුතු හොඳම රටවල් අතරට ශ්‍රී ලංකාව අංක එකේ රටක් වශයෙන් නම් කර තිබේ.

මාලදිවයිනේ මාලේ ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටුපොළ අතර මෝල්ඩිවියන්ස් ගුවන් සේවය සෘජු ගුවන් ගමන් ආරම්භ කර තිබේ.

පවතින අධික උණුසුම හේතුවෙන් පාසල් වසා දැමීමට බංගලාදේශයේ බලධාරින් තීරණය කර තිබෙනවා.

ටැන්සානියාවේ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 155 දෙනෙකු මියගොස් තිබේ.

පාස්කු ප්‍රහාරය පිළිබඳ තුන් දින කල් තැබීමේ විවාදයේ අවසන් දිනය අදයි.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළ විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දී තිබේ.

Connet With Us