ඒ අනුව ප්‍රථම ගුවන් යානය ඊයේ (25) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟා විය.
ඒ 320 එයාර්බස් යානයක් ලෙස පැමිණි මෙම ගුවන් යානය පිළිගැනිමට ජල ආචාර පවත්වා ඇති අතර එම ගුවන් යානයෙන් මාලදිවයින ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය මොහොමඩ් අමීන් ද පැමිණි බව වාර්තාවේ.
අඩු වියදම ගුවන් සේවයක් වන මෝල්ඩිවියන්ස් ගුවන් ගමන් සෑම සතියකම දින දෙකක් එනම් බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා කටුනායක සහ මාලදිවයින අතර ගුවන් ගමන්වල නිරත වේ.