සූර්ය මංගල්‍යය ගීතය විකෘති කළ සැකකරුට ඇප

Published in පුවත්
Friday, 26 April 2024 13:55

ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ ගේ ගීතයක් විකෘති කළැයි චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිටි සැකකරු, රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින්නැයි කුලියාපිටිය මහේස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් පෙරේදා (24 වැනිදා) නියම කළේය.

තවද ඉදිරිපත් වන ඇපකරුවන් ග්‍රාම නිලධාරී සහතික මගින් ඒ බව සනාථ කළ යුතු බවට ඇප කොන්දේසි ද පනවා තිබිණි.

එමෙන්ම සැකකරුට විදෙස් ගමන් තහනමක් ද පැනවූ මහේස්ත්‍රාත්වරයා, සැකකරු සතුව ගුවන් බලපත්‍රයක් නැතිනම් ඒ බව දිවුරුම් ප්‍රකාශයකින් තහවුරු කළ යුතු බවට ද වැඩිදුරටත් නියෝග කළේය.

දුම්මලසූරිය කාර්යාලයට අනුයුක්තව සුරාබදු නිලධාරියකු ලෙස සේවය කළ මහනුවර තලාතුඔය ප්‍රදේශයේ පදිංචි අසංග විජේසිංහ නමැති එම සැකකරු ඉකුත් නඩුවාර දෙකකදී රක්ෂිත බන්ධනාගාර ගතකොට තිබිණි.

ඊයේ දිනයේ එම නඩුව කැඳවූ අවස්ථාවේ දී සැකකරු වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතීඥ සපුමල් තෙන්නකෝන් සමග නීතීඥ දිනිත් විඡේසුරිය අධිකරණය හමුවේ පෙනී සිටිමින් සැකකරුගේ නිදහස වෙනුවෙන් දීර්ඝ කරුණු පැහැදිලි කිරීමක් කළේය.

අසැබි වදන් යොදා සූරිය මංගල්ලේ' ගීය ප්‍රතිනිර්මාණය කිරීම බන්ධනාගාරගතව සිටින සැකකරු විසින් නොකළ බවටත්, අන්තර්ජාලයේ තිබූ වීඩියෝවක් බාගතකර තම ගිණුමේ උඩුගතකිරීම පිළිගන්නා නමුත්, එම නිර්මාණයට සැකකරු කිසිදු දායකත්වයක් නොදැක්වූ බවට වගඋත්තරකාර පාර්ශ්වයේ නීතිඥයන් ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගෙන මහේස්ත්‍රාත්වරයා අදාළ නියෝග සිදු කළේය.




- the leader

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us