වටවල රොසැල්ල ප්‍රදේශයේ ළදු කැළෑ රක්ෂිතයක ඊයේ (08) දින රාත්‍රියේ හටගත් ගින්‌නෙන් එම රක්ෂිතයේ අක්කර 10 පමණ කොටසක් ගිනිගෙන විනාශ වි ඇති බව වාර්තා වේ. 

හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට විදේශගත වීම වළක්වාලමින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (09) තහනම් නියෝගයක් නිකුත් කළේය.

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

වසර පුරා සෞභාග්‍ය හා වාසනාවන උදාකරවන අක්ෂය ත්‍රිතිය හෙවත් අක්ෂ්‍ය නැකැත හෙට (10) දිනට යෙදී තිබෙනවා.

අද පාර්ලිමේන්තුව හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් , එකඟත්වයකින් හා සම්මුතියකින් යුතුව ඉදිරියට ගියහොත් ලෝකයේ සංවර්ධිත රටක් ලෙස ශ්‍රී ලංකාව කඩිනමින් ඔසවා තැබිය හැකි බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට වෙනුවෙන් පොදු සම්මුතියක අවශ්‍යතාවය යළි අවධාරණය කළේය.

වසරේ ගතවූ කාලය තුළ නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 178 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කොවිඩ් -19 වසංගත සමය තුළ විදේශගතව සිට පැවති තත්ත්වය හමුවේ නැවත සේවයට වාර්තා කිරීමට අපොහොසත් වූ රාජ්‍ය නිලධාරීන්ගේ නිවාඩු අනුමත කිරීම සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද උදෑසන පාර්ලිමේන්තුවට පැමිණිණිමෙන් අනතුරුව විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සිටී.

විදෙස් රටවල හමුදාවේ රැකියා සඳහා යොමුනොවන ලෙස විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර නිවේදනයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

වයස අවුරුදු සියයක් වන ඇමෙරිකා ජාතිකයෙකු වයස අවුරුදු 96ක් වන තම පෙම්වතිය විවාහ කර ගැනීමට සුදානම් වන පුවතක් ඇමෙරිකාවෙන් වාර්තා වනවා.

Connet With Us