ඒ අනුව ඊයේ රාත්රි 10 ට පමණ හැටන් කොළඹ ප්රධාන මාර්ගයේ රොසැල්ල ප්රදේශයෙන් හටගත් ගින්න රක්ෂිතයේ කදු මුදුන දක්වා පැතිර ගොස් ඇති අතර අද (09) දින අලුයම වන විට ගින්න නිවිගොස් ඇත.
කෙසේ වෙතත් වටවල පොලිසිය විසින් කදුකරයේ බටහිර බැවුම් ප්රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමග එම මාර්ගයේ ගමන් ගත් කිසියම් පිරිසක් රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවට සැක පල කරයි.
රක්ෂිතවලට මෙසේ ගිනි තැබිම නිසා කදු මුදුනේ සිට පහලට ගලා බසින ජල මුලාශ සිදියාමේ අවධානමකට ලක් වි ඇති බවයි නුවරඑලිය දිස්ත්රික් ආපදා කලමණාකරණ ඒකකය කියා සිටියි