ඩයනාට තව එක අවස්ථාවක් තියෙනවා - මහාචාර්ය ප්‍රතිභා මහනාමහේවා

Published in පුවත්
Thursday, 09 May 2024 08:28

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බවට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව පුර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලයක් මඟින් අභියෝගයට ලක්කළ හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ මණ්ඩාධිපති මහාචාර්ය ප්‍රතිභා මහනාමහේවා මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ, ඩයනා ගමගේ මහත්මියට ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිශ්චය සභාවක් ලබාදුන් නඩු තීන්දුවක් බැවින් එය පූර්ණ විනිශ්චය මණ්ඩලයක් මඟින් අභියෝගයට ලක් කළ හැකි බවය.

ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බැවින් ඇයට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බවට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (08) නියෝග කළේය.

ඒ සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් මහතා ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව එහි තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.

අදාළ තීන්දුව සම්බන්ධයෙන් ඩයනා ගමගේ මහත්මියට තවත් එක් අවස්ථාවක් පවතින බව මහාචාර්ය ප්‍රතිභා මහනාමහේවා මහතා සඳහන් කළේය.

"මෙතුමියට තව එක අවස්ථාවක් තියෙනවා. මෙතුමියට පුළුවන් පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලයක් ඉල්ලා සිටින්න. මොකද මෙය ත්‍රිපුද්ගල විනිශ්චය සභාවක් විසින් ලබාදීලා තියෙන්නේ. එතකොට එවැනි තීරණයක් අභියෝගයකට ලක්කරන්න පුළුවන් පූර්ණ විනිශ්චය මණ්ඩලයකට. ඒ අවස්ථාව ඇයට තාම තියෙනවා. හැබැයි ඊට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය හිස්වූ බව පාර්ලිමේන්තු මහ ලේකම්වරිය විසින් දැන්වුවහොත් මැතිවරණ කොමිසමට ඒ පක්ෂයේ ඕනෑම අයෙකුට ජාතික ලැයිස්තුවෙන් එන්න පුළුවන්. ඉතින් මේ දෙකෙන් මොකක් ඉස්සර වෙයිද කියලා අපි බලන්න ඕනේ."

මේ අතර පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බවට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන් තීන්දුවත් සමග ඩයනා ගමගේ මහත්මිය යටතේ ලියාපදිංචි වී ඇති සමගි ජනබලවේගය පක්ෂයේ නීත්‍යානුකූලභාවය සම්බන්ධයෙන් ද ප්‍රතිභා මහනාමහේවා මහතා මෙලෙස අදහස් පළ කළේය.

"මේ පක්ෂය දැනට ලියාපදිංචි කරලා තියෙනවා. එතකොට මේ පක්ෂයේ සභාපති කෙනෙක් ඉන්නවා. ලේකම්, පක්ෂ නායකයෙක් ඉන්නවා. ඊළඟට එන ප්‍රශ්නය පක්ෂය ලියාපදිංචියත් නීතිවිරෝධී ද කියන එක. එහෙම ලියාපදිංචිය අභියෝගයට ලක්කිරීමට නම් තවත් පාර්ශව කිහිපයක් වගඋත්තරකරුවන් ලෙස ඉදිරිපත් කළ යුතුයි. මේක ඉදිරියට තවත් නඩුවක් ලෙස ගෙන ආ යුතුයි. මේ මන්ත්‍රීවරිය අවුරුදු 4ක් වැටුප් අරන් තියෙනවා. එයා ශ්‍රී ලාංකික පුරවැසියෙක් නොවී වංචා සහගත ලෙස වැටුප් අරන් තියෙනවා නේ. එතකොට ඒවත් අය කරගන්න ඕනේ. එතකොට ඒවා වෙනම නඩුවකින් එන්න ඕනේ. මේ අභියාචන පෙත්සමේ සහනය ලබාදීලා තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණය. ඉදිරි දේවල් වෙනම බලාගන්න වෙනවා."

-DERANA

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us