රුසියාවේ සහ යුක්‍රේනයේ හමුදා කඳවුරුවලට මෙරට හිටපු හමුදා භටයන් යොමු කිරීමේ ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් ආරම්භ කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

අද (08) සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වේ.

දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා මාලාව ඉදිරි මාසය ඇතුළත කැබිනට් මණ්ඩලයට යොමු කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති අරමුදල මඟින් තවත් ශිෂ්‍යත්ව වැඩසටහන් දෙකක් ආරම්භ කිරීමට කටයුතු කර තිබේ.

කොළඹ 7, පිහිටි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට ,විශ්වවිද්‍යාලවල අනධ්‍යයන සේවකයන් ක්‍රියාත්මක කරන අඛණ්ඩ වැඩවර්ජනයට සමගාමීව මෙරට සියලුම විශ්වවිද්‍යාල නියෝජනය කරමින් අනධ්‍යයන සේවකයන් විශාල පිරිසක් විරෝධතාවක නිරතව සිටින අතර, එම විරෝධය හේතුවෙන් මේ වන විට පුරහල ප්‍රදේශයේ සියලු මාර්ග අවහිර වී ඇති බව වාර්තා වේ.

ලංකාව ලොව සංචාරක කර්මාන්තයේ ඉහළ තැනක් දිනා ගන්නට සමත් වෙලා. ස්වභාවික සුන්දරත්වය, වෙරළ තීරයේ සිට සශ්‍රීක වැසි වනාන්තර, මනරම් තේ වතු සහ මීදුම සහිත කඳු දක්වා විහිදෙන විස්මිත භූ දර්ශන වලින් සමන්විත වීම නිසායි.

ඒ වගේම පොහොසත් සංස්කෘතිය, වනජීවී අත්දැකීම්, ත්‍රාසජනක අවස්ථාවන් සහ උණුසුම් ආගන්තුක සත්කාරයේ සංකලනය ශ්‍රී ලංකාව විවිධාකාර සහ අමතක නොවන අත්දැකීම් සොයන සංචාරකයින් සඳහා ජනප්‍රිය තේරීමක් බවට පත්ව තිබෙනවා.

මේ දින වල මෙරට කඳුකර තරුණයෙකුගේ උත්සාහවත් කැපවීමක් සම්බන්ධයෙන් මේ දිනවල චීනයේ ප්‍රචලිතව ඇති වීඩියෝවක් ඒ පිළිබඳව වෙනත් මානයක් ලොවට කියාපානවා.

“ලංකාවේ මල් විකුණන මල්ලි“ නමින් වීඩියෝවක් චීනය පුරා සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් ප්‍රචාරය වූවා.

මෙම වීඩියෝව මේ වන විට චීනයේ සියලුම සමාජ මාධ්‍ය ආවරණය කරමින් නැරඹුම්වාර කෝටි 13ක් ඉක්මවා තිබෙනවා.

චීනය පුරා හදවත් දිනාගත් දිලිප්ට ඔවුන්ගේ ආදරය චිත්‍රයට නගමින්ද පෙන්වා තිබුණා.

WhatsApp Image 2024 05 07 at 14.35.05 61573e92

WhatsApp Image 2024 05 07 at 14.35.04 8479bd0f

WhatsApp Image 2024 05 07 at 14.35.03 15d42456

ඒ එහි සිටින තරුණයාගෙන් ඉස්මතුවන අවංක සිනහව ,ජීවිතය ජය ගැනීමට දරන උත්සහය මෙන්ම කෘතවේදීභාවයත් මීට ඉවහල් වී තිබෙනවා.

චීන හදවත් කෝටි ගණනක් ස්පර්ශ කළ මේ වීඩියෝවේ සිටින තරුණයා කවුද ?

ඒයා හරිම කෙට්ටුයි නමුත් ජීවිතය වෙනුවෙන් වෙහෙස මහන්සි වෙන ඒ තරුණයා හරිම ලස්සනයි.

කොත්මලේ ජීවත් වන දිලිප් පවුලේ තුන්වැනියා. දිලිප් ගේ මව් දෙමව්පියන් එළවලු විකුණා සිය ජීවිකාව ගෙන යනවා. පාසැල් ගමනට සමුදෙන දිලිප් සිය ජීවනෝපාය ලෙස නුවරඑළිය ගම්පොළ පාරේ යන එන සංචාරකයින්ට මල් විකිණීම තෝරා ගන්නවා. අවුරුදු අටක් පුරාවටම දිලිප් කරන්නේ මල් විකුණන එක. චීනය පුරා හදවත් දිනාගත් දිලිප්ට ඔවුන්ගේ ආදරය චිත්‍රයට නගමින්ද පෙන්වා තිබුණා. ළඟදීම දිලිප්ව බැලීමටම චීන විශේෂ සංචාරකයින් පිරිසක් පැමිණීමට නියමිත බවත් දිලිප් පවසා සිටියා.

කෙසේවෙතත් කෝටි ගණනක් චීන වැසියන් මල් කුමාරයා ලෙස හඳුන්වන දිලිප් මදුශංකගේ ජීවිත කථාව ඔහු විකුණන මල් තරම් ලස්සන නැහැ.

රටට ඩොලරයක් හෝ උපයා දීමට වෙහෙසෙන මෙවැනි තරුණයන්ගේ ජීවන අරගලයට චීනයට පෙර ශ්‍රී ලාංකික අපද  අතහිත දී ඇගයීමකට ලක් විය යුතුය.

 

 

ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය මිස මේ වසරේ වෙනත් මැතිවරණයක් නොමැති බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නිවාස සහ නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග පාර්ලිමේන්තුවේ දී පැවසීය.

කඩුවෙල මාබිම ප්‍රදේශයේදී හෙට (08) නව ගෑස් පිරවුම් පර්යන්තයක් විවෘත කරන බව ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් පවසයි.

2019 වසරේ සෞඛ්‍ය අමාත්‍යාංශය සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය (International Organisation for Migrants- IOM) ජාත්‍යන්තර සංවිධානය සමග එක්වී ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන නේවාසික වීසා සහිතව සිටින විදේශිකයන් සඳහා වෛද්‍ය පරීක්ෂණ සිදු කිරීම වෙනුවෙන් පිහිටුවා ඇති Inbound Health Assessment Unit නම් සෞඛ්‍ය ආයතනය විදේශිකයන් ගසා කන ආයතනයක් බවට චෝදනා එල්ල වී ඇත.

ඩුබායි හි දී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ මෙරට ප්‍රධාන පෙළේ පාතාල කල්ලි නායකයකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන මන්නා රමේශ් නැමැත්තා කටුනායක ගුවන්තොටුපොළෙන් අද (7) උදෑසන කොළඹට රැගෙනවිත් තිබේ.

Connet With Us