රුසියාවේ, යුක්‍රේනයේ යුද්ධයට මෙරට හමුදා භටයන් යොමු කිරීමේ ජාවාරම්කරුවන් අත්අඩංගුවට

Published in පුවත්
Wednesday, 08 May 2024 10:05

රුසියාවේ සහ යුක්‍රේනයේ හමුදා කඳවුරුවලට මෙරට හිටපු හමුදා භටයන් යොමු කිරීමේ ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් ආරම්භ කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න සඳහන් කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ බුද්ධි අංශ ඒකාබද්ව මෙම මෙහෙයුමක් ආරම්භ කර ඇති බවය.

"හොර රැකියා ඒජන්තවරුන් එක්ක එකතුවෙලා විශ්‍රාම ගිහින් ඉන්න රණවිරුවන්ව මේ රුසියානු - යුක්‍රේන යුද පෙරමුණට යවන්නට මිනිස් ජාවාරමක් කරනවා. මෙතැනදි බොරු පොරොන්දු රැසක් දීලා තියෙනවා රුසියානු හමුදාවට බන්ඳනවා කියලා. යුක්‍රේන යුද්ධයට බඳවනවා පීටර්ස් බර්ග් වැනි ප්‍රසිද්ධ තැන්වලින් ඉඩම් ලබාදෙනවා කියලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි පවුල්වල අයට රුසියාවේ පුරවැසිභාවය, රු ලක්ෂ 10කට අධික මුදලක් ලබාදෙන බවත් පවසා තිබෙනවා. නමුත් ඒ අයට මුදල් කිසිම දෙයක් ලබාදීලා නෑ. කිසිම වැටුපක් ගෙවලා නෑ. ඒ වගේම මිය ගියොත් හරි බරපතළ තුවාල ලැබුවොත් කිසිම වන්දියක් ගෙවලත් නෑ. මෙවට රැවටිලා අපේ රණවිරුවන් සෑහෙන ප්‍රමාණයක් මේ වෙද්දිත් යුද පෙරමුණට ගිහින් කොටසක් මියගිහින්. කොටසක් තුවාල ලබලා තියෙනවා. ඒවා ගැන කවුරුදත් දන්නේ නෑ. අපි විශාල උත්සාහයක් දරනවා ඒ අය කවුද කියලා දැනගන්න. මොකද එයාලා යුද්ධයට බැඳිලා තියෙන්නේ නීතියානුකූල හමුදාවලට නෙමෙයි. කුලී හමුදාවන්ට තමා ඔවුන්ව බඳවාගෙන තියෙන්නේ."

මෙලෙස විදේශ ගත වී ඇති පුද්ගලයින් සෙවීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය මඟින්ද විමර්ශන ආරම්භ කර ඇති බව විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න සඳහන් කළේය.

-P.M

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us