සිරිසේන ජනාධිපතිවරයා විසින් සිදු කළ ව්‍යවස්ථා කුමන්ත්‍රණය මුලුමනින්ම අසාර්ථක වීම නිසා මේ වන විට සිරිසේනගේ සම්පූර්ණ අවධානය යොමුව පවතින්නේ එක්සත් ජතික පක්ෂය දෙකඩ කිරීම වෙනුවෙනි. අද අමවුබිම සහ සිලෝන් ‍ටුඩේ පුවත්පත්වල පළ කර තිබෙන ' රවී කරුණානායකට එජාප ආණ්ඩුවේ මුදල් ඇමැතිකම දෙන්වා යැයි ලිඛිත පොරොන්දුවක් දී ඇති..' බවට වන පුවත ඒ අනුව නිර්මාණය වූවකි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනය ගෙන ආවේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට බව සිරිසේන ජනාධිපතිවරයා පවසයි. නමුත් මේ බව පවසමින් නිකුත් කළ නිවේදනය තුල ජනාධිපතිවරයා විසින් අමු අමුවේ උල්ලංඝණය කළ 19 වන සංශෝධනයේ, පාර්ලිමේන්තුව වසර හතරාමාරක් යන තුරු විසිරුවා හැරීමට නොහැකි බවට ඇති වගන්තිය ගැන සඳහනක් නැත.

දේශපාලනඥයන් මැතිවරණ ඉලක්ක කර ගනිමින් ජනතාවට අවිධිමත් සහන ලබා දීම ශ්‍රී ලංකාවේ ණය ආපසු ගෙවීම් සහතික කිරීමට අත්‍යවශ්‍ය වන මූල්‍ය ස්ථාවරත්වයට බාධාවක් වනු ඇති බව මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසනවා.

ලෝක වෙලඳ පොළේ ඉන්ධන මිල අඩු වීමෙ වාසිය මේ මොහොතේදී ශ්‍රී ලාංකිකයන්ට ලැබීමේ අවස්ථාවක් තිබුණද මංගල සමරවීර මුදල් ඇමැතිවරයා හඳුන්වා දුන් මිල සූත්‍රය ගොබ්බ රාජපක්ෂ පාලනය විසින් අහෝසි කිරීම නිසා ඒය මේ වන විට අහිමිව තිබේ.

ජනාධිපති සිරිසේන ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වන මේ වසරේ පැවැත්වීමට නියමිත සංචාරක සම්මාන උළෙල වර්ජනය කිරීමට සංචාරක කර්මාන්තයේ ප්‍රධානින් තීරණය කර තිබෙනවා.

ඇමරිකා එක්සත් ජනපදයේ දේශපාලන හා හමුදා ප්‍රධානින් වාර්ෂිකව සිය මානසික සෞඛ්‍ය තත්වය පරික්ෂා කර ගත යුතු බවට නීතියක් ඇති බවත් එම ක්‍රමයම ශ්‍රී ලංකාවේ ද ක්‍රියාත්මක කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි සරත් ෆොන්සේකා අද පාර්ලිමේන්තු සැසිවාරයේදි පැවසුවා.

වසල කහකඩයෝ රොත්තක් අද දිනයේ කොළඹ ලිට්රෝ ගෑස් සමාගම ඉදිරිපිට විරෝධතාවයක නිරත වූහ. මේ කහකඩයන් ඉල්ලා සිටියේ ධර්ම ප්‍රචාරය සඳහා තමන්ට ද මාසික ආධාරයක් ලබා දෙන ලෙසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ සම්මේලනයේ පැය ගණනාවක් කෑ මොර දී අවසානයේ සිරිසේන ජනාධිපතිවරයා තවදුරටත් ශ්‍රී ලංකාව පාලනය කිරීමට සුදුසු නොවන බව සාධාරණ සැකයකින් තොරව ඔප්පු කළ බව හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා.

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us