ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය ව්‍යුහාත්මක ලෙස ප්‍රතිසංස්කරණය කර , විද්‍යුත් මුද්‍රිත සහ නව මාධ්‍ය ආවරණය වන පරිදි මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන පිළිබඳව විනිශ්චය ආයතනයක් ලෙස ප්‍රතිසංවිධානය කිරීමට ආණ්ඩුව දරණ උත්සාහය වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ කණස්සල්ලට හේතු වී තිබේ.

රට තුළ ඇති වූ කොවිඩ්-19 වසංගතයේ දෙවන රැල්ලේ බලපෑමෙන් අනතුරුව 2020 වසරේ දෙසැම්බර් මාසයේදී භාණ්ඩ අපනයන යථා තත්ත්වයට පත් වූ අතර, අත්යවශ්ය නොවන ආනයන සඳහා වන සීමාවන් අඛණ්ඩව පවත්වා ගෙන යාම සහ ගෝලීය ඉන්ධන මිල සාපේක්ෂව අඩු මට්ටමක පැවතීම හේතුවෙන් භාණ්ඩ ආනයන පෙර වසරේ අනුරූප මාසවලට සාපේක්ෂව අඛණ්ඩව අඩු විය.

බ්‍රිතාන්‍යයේ වේගයෙන් පැතිර යන COVID-19 නව වෛරස් ප්‍රභේදය මෙරට ප්‍රදේශ කිහිපයකින් සොයා ගෙන ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර සඳහන් කරනවා.

අතරමැදියන්ගෙන් තොරව තම නිෂ්පාදන කෙළින්ම පාරිභෝගිකයාට අලෙවි කිරීම සඳහා ගොවීන්ටද ආර්ථික මධ්‍යස්ථානවල කඩ කාමර ලබාදීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඊයේ (11 වැනිදා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ.

වන රක්ෂිත කලාප විනාශ කරන පුද්ගලයන් සහ වන සතුන් දඩයම් කරන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්ක කිරීම සඳහා දිගු දුර විහිදුම් බළකායක් ස්ථාපිත කිරීමට වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

මෝල් හිමියන්ගේ හිතුවක්කාරී ක්‍රියාවන් වැළැක්වීම සඳහා වී අලෙවි මණ්ඩලය විසින් ගොවියාගෙන් මෙම කන්නයේදී වී මෙට්‍රික් ටොන් ලක්ෂ පහක් මිලට ගන්නා බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ ඊයේ (11 වැනිදා) පාර්ලිමේන්තුවේදී පවසා ඇත.

ආන්දෝලනාත්මක මහ බංකු බැඳුම්කර වංචා නඩු විභාගය සඳහා විශේෂ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් (Trial at bar) පත් කරන ලෙස නීතිපතිවරයා, අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

යහපාලන ආණ්ඩුව සමයේ ඇමරිකානු ඩොලර් හාරකෝටි හැටලක්ෂ අනූඅටදහස් පන්සිය අනූඑකක් වැය කරමින් ගුවන් යානා 12ක් මිලට ගෙන ඇති බවත් භාවිතා කළ නොහැකි පැරැණි ගුවන් යානාවක් ඒ අතර වූ බවත් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඊයේ (11 වැනිදා) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර තිබේ.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us