වාහනවල අංක තහඩුවේ පළාත හැඳින්වෙන ඉංග්‍රීසි අක්ෂරය ඉවත් කිරීමට අදාළ කැබිනට් අනුමැතිය මේ වනවිට හිමිව ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් සුමිත් අලහකෝන් ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු කියා සිටියේ තවත් මාස දෙකක් ඇතුළත මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නැංවිය හැකි බවයි.

රූපවාහිනී වැඩසටහන්වලදී ජාතීන් අතර අසමගිතාවක් ඇති කරන ප්‍රකාශ සිදු කර ඇතැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී.විග්නේෂ්වරන්ට එරෙහිව විශේෂ විමර්ශනයක් පවත්වන බව පොලිසිය අධිකරණය ප්‍රකාශ කර තිබෙනවා.

ඉදිරි සතියක කාලයක් ඇතුළත ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිත චීනයේ නිෂ්පාදිත සිනොෆාම් (Sinopharm) කොවිඩ් එන්නතේ මාත්‍රා ලක්ෂ 06ක තොගයක් බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට භාරදෙන බව කොළඹ චීන තානාපති කාර්යාලය ‘අරුණ’ට තහවුරු කළේය.

අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාවේ නිර්දේශ අධ්‍යයනයට පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව අද යළි රැස්වෙන බව වාර්තා වෙනවා.

කෘෂිකාර්මික කටයුතු සඳහා රජය විසින් ලබා දුන් 4%ක සහන පොලී අනුපාතයට ණය ලබාදීම නතර කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සදහන් කර තිබේ.

පාරිභෝගික අධිකාරියේ පනත වෙනස් කරන ලෙස තමා කැබිනට් මණ්ඩලයට යෝජනා කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කර තිබේ.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයට ඉදිරිපත් කළ ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම අද පවත් වූ අතර එය මිට සුළු වෙලාවකට පෙර සම්මත විය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික කාර්ය මණඩලයේද කටයුතු කළ යුධ හමුදා නිලධාරියෙකුද වන ජනාධිපතිවරයාගේ හිතවතෙක් වූ ජනප්‍රිය ගායක රවීන්ද්‍ර මීගමාරච්චිගේ පවුලේ ව්‍යාපාරයකට අයත් බොල්ගොඩ ගග ආසන්නයේ තිබූ හෝටලයක් පරිසර නීතිවලට අනුකූලව කඩ ඉවත් කිරීම ගැන ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us