විදේශිකයන්ට රජයෙන් සහනයක් !

Published in පුවත්
Wednesday, 27 April 2022 21:19

වාණිජ බැංකුවල අවම වශයෙන් අමෙරිකන් ඩොලර් ලක්ෂයක් තැන්පත් කරන විදේශිකයන්ට වසර 10ක කාල සීමාවක් දක්වා වාස වීසා (Residence Visa) නිකුත් කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ සඳහා ‘රන් පාරාදීස වීසා‘ නමින් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ඇමැති මණ්ඩල අනුමැතිය හිමි වූ බව සම කැබිනට් ප්‍රකාශ, ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (26) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

මීට පෙර ක්‍රියාත්මක කරන දීර්ඝකාලීන වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය වෙනුවට නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට 2021 මාර්තු මස 07 වැනි දින පැවති ඇමැති මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමි විය.

එම ක්‍රමවේදය යටතේ දීර්ඝකාලීන වාස වීසා නිකුත් කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක ඇමැතිවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව ගොඩහේවා මහතා කියා සිටියේය.

සහාධිපත්‍ය දේපළවල අවම වශයෙන් අමෙරිකානු එක්සත් ජනපද ඩොලර් 75,000ක් හෝ ඊට වැඩි වශයෙන් ආයෝජනය කරනු ලබන විදේශිකයන්ට සහ විදේශීය සමාගම්වල අධ්‍යක්ෂවරුන්ට, ඔවුන්ගේ කලාත්‍රයන්ට සහ යැපෙන්නන්ට එලෙස ආයෝජන කරනු ලබන අමෙරිකන් එක්සත් ජනපද ඩොලර් ප්‍රමාණය මත පදනම්ව අවුරුදු 05 සිට 10 දක්වා දීර්ඝකාලීන වාස වීසා නිකුත් කිරීමට අනුමැතිය හිමිව ඇත.

-අරුණ

Leave a comment

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us