පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් පත්‍රයට ජනාධිපති අනුර කුමාර දිසානායක අත්සන් කර ඇති බව වාර්තා වෙයි.
නව අමාත්‍යාංශ ලේකම්වරුන් පත්කරයි. මුදල්, විදේශ ඇතුළු කිහිපයක් වෙනස් නොවේ.
අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු නව අමාත්‍යාංශ ලේකම්වරුන් පත්කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දෙන්නේ නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 15 සඳහා නව ලේකම්වරුන් මෙලෙස පත්කර ඇති බවය.
එම නාමලේඛනය පහත පරිදි වේ,
සමගි ජන බලවේගයේ සියලුම ආසන සංවිධායකවරුන්, සියලුම මන්ත්‍රීවරුන් ඒකමතිකව මට යෝජනා කළා අග්‍රාමාත්‍ය අපේක්ෂක ලෙස මගේ නායකත්වයෙන් මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවන්න...යැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
රනිල් වික්‍රමසිංහ යළි පාර්ලිමේන්තු එන්නේ නැහැ - රුවන් විජේවර්ධන
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ යළි කිසිදු මැතිවරණයක් සඳහා ඉදිරිපත් නොවන බව එක්සත් ජාතික පක්ෂයේ නියොජ්‍ය නායක රුවන් විජේවර්ධන ප්‍රකාශ කරයි. අද එජාප මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය.
අලුත් ජනපතිට, ඉතාම කෙටි කලක දී ජනතාව ආර්ථික වශයෙන් නැඟිට්ටවන්න පුළුවන්කම තියෙන්න ඕනේ - මහාචාර්ය අතුකෝරාල
පසුගිය මාස 26ක කාලයේ දී රජය දේශීය වශයෙන් ලබාගත් ණය ප්‍රමාණය සැලකිමේ දී මෙරට ජනතාව සෑම දිනකම රුපියල් බිලියන 6.5ක පමණ මුදලකින් ණයකරුවන් කර ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා පවසයි.
මහ මැතිවරණය ගැන සාකච්ඡා කිරීමට සමගි ජන සන්ධානයේ නායකයින් අද රැස්වේ
ඉදිරි මහ මැතිවරණයට තරග කරන ආකාරය පිළිබදව සාකච්ඡා කිරිම සදහා සමගි ජන සන්ධානයේ නායකයින් අද (24) රැස්වීමට නියමිතයි.
ඉදිරි මැතිවරණ සහ දේශපාලන තත්ත්වයන්ට මුහුණදීම සඳහා විපක්ෂය නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ එක්කරගත් පොදු සන්ධානයක් ඇතිකර ගැනීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක යටතේ පිහිටුවනු ලබන නව කැබිනට් මණ්ඩලය අද (24) දිනයේ දී දිවුරුම් දෙනු ඇති බව වාර්තා වේ.