පාර්ලිමේන්තුවේ ආහාර වේලක මිල වැඩි කිරීමට අදාළ යෝජනාව ළඟදීම කැබිනට් මණ්ඩලයට යොමු කර අනුමැතිය ලබා ගන්නා බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක පවසා සිටියි. 

2024 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල කඩිනමින් නිකුත් කිරීමට බලාපොරොත්තු වන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.

වසරේ පළමු සති 03 තුළදී පමණක් මෙරටින් ඩෙංගු රෝගීන් 3,499 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පොරොන්දු වූ පරිදි ඊ-වීසා වංචාව සම්බන්ධයෙන් වොහාරික විගණනයේ ඉරණම පිළිබඳව එක්සත් ජනරජ පෙරමුණේ (URF) නායක පාඨලී චම්පික රණවක මහතා විමසීය.

අද වන විට හිටපු ජනාධිපතිවරුන් අතරින් රජයේ නිල නිවාස භාවිතා කරන්නේ තිදෙදෙනකු පමණක් යයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කර සිටිනවා.

කර්මාන්ත සඳහා පොල් මද සහ පොල් කිරි ආනයනය කළ යුතු බවට ඉල්ලීමක් ලැබී ඇති බවත් රජය ඒ සම්බන්ධයෙන් සාධනීය ස්ථාවරයක සිටිනා බවත් කර්මාන්ත නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ පවසනවා.

පරීක්ෂාවකින් තොරව වරායේ බහලුම් නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව කම්කරු ඇමැති සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති මහාචාර්ය අනිල් ජයන්ත පාර්ලිමේන්තුවේ දී ඊයේ (22 වැනිදා) පැවැසීය.

එම සිද්ධිය සම්බන්ධයෙන් විපක්ෂ මන්ත්‍රිවරු මතු කළ කරුණුවලට ප්‍රතිචාර දක්වමින් මේ බව කී ඇමැතිවරයා මෙසේද කීවේය.

‘‘බහාලුම් තුන්සිය විසි තුනක් නිදහස් කළා කියලා කිව්වා. මේ ගැන වැරදි මතයක් හදන්න උත්සාහ කළා. ඔව් නිදහස් කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් වෘත්තීය සමිති නිවේදන නිකුත් කළාට පසුව ක්ෂණිකවම කළේ වෘත්තීය සමිති සමග ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වීමයි. මමත් ඒ සාකච්ඡාවේ හිටියා. පළමු කොටම කිව්වෙ එවැනි දෙයක් වෙලා තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන බවට සහතික වුණා. ඒ වගේම අපි රේගු නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියා නිශ්කාෂණ කටයුතුවලට මැදිහත් වන ලෙස. ඒ අනුව අපි ඒ ප්‍රශ්නය විසඳුවා. ඒත් එක්කම මේ බහලුම් නිදහස් කිරීමට කලිනුත් රේගු නිලධාරීන් තමන්ගේ ක්‍රමවේද අනුව වෙනත් බහලුම් නිදහස් කරලා තියෙනවා. දත්ත ලෙස ඉදිරිපත් කරනවා නම් 2024 ජූලි මාසෙ 25 වැනිදා බහලුම් 584ක් නිදහස් කරලා තියෙනවා. මේ නිදහස් කළ 323 නිදහස් කරලා තියෙන්නෙ තදබදය නැති කිරීම සඳහා කියලයි කියන්නෙ.’’

 

පොල් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තය සඳහා අවම වශයෙන් පොල් මිලියන 100 ක් වත් කඩිනමින් ආනයනය කිරීමට කටයුතු නොකළහොත්, කර්මාන්තකරුවන් වැඩි මිලට හෝ පොල් මිලදී ගැනීමට කටයුතු කිරීම නිසා වෙළෙඳ පොළේ පොල් ගෙඩියක් රුපියල් 250 ත් 300 ත් අතර මිලක් දක්වා ඉහළ යාමේ අවදානමක් ඇතිවිය හැකි බව ලංකා පොල් කර්මාන්ත මණ්ඩලයේ සභාපති ජයන්ත සමරකෝන් පැවැසීය.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us