ඔහු පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් 30% පමණ සංචාරකයින්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බවය.
සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා මත්තල ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමට සැලසුම් සකස් කර ඇති බවද රුවන් රණසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
මේ අතර මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති යුදමය තත්ත්වය හේතුවෙන් මෙරට අපනයන ක්ෂේත්‍රය සඳහා බලපෑමක් එල්ලවී ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.
එහි සභාපති මංගල විජේසිංහ මහතා පැවසුවේ සමස්ථ අපනයනවලින් මැදපෙරදිග කලාපය 8%ක පමණ අපනයන ප්‍රමාණයක් නියෝජනය කරන බවය.
මේ අර්බුදය තවදුරටත් වර්ධනය වුවහොත් ඉරානයට අපනයන කරන 35% ක තේ ප්‍රමාණය වෙනත් රටකට යොමු කිරීම සඳහා සාකච්ඡා කරමින් පවතින බවද මංගල විජේසිංහ මහතා සඳහන් කළේය.

