දැනටමත් මිල ඉහළ යාමක් වාර්තා වී ඇති අතර එම ඉහළ යාම අනිවාර්යෙන්ම අපටත් දැරීමට සිදුවන බවද එය නතර කළ නොහැකි තත්ත්වයක් වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මැදපෙරදිග ඇති වී තිබෙන මෙම තත්ත්වය මුළු ලෝකයටම බලපාන තත්ත්වයක් වන අතර විශේෂයෙන් නැව් මාර්ග භාවිත කර ආනයන, අපනයන කරන සෑම රටකටම මෙය විශාල ගැටලුවක් වන බවද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කර සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ ,
''මැදපෙරදිග ඇතිවෙලා තියෙන තත්ත්වය මුළු ලෝකයටම බලපාන තත්ත්වයක්.. විශේෂයෙන් නැව් මාර්ග භාවිත කර ආනයන, අපනයන කරන සෑම රටකටම මෙය ප්‍රශ්නයක්..ලෝකේ මිල ඉහළයාම අපට පාලනය කරන්න බෑ.. මොකද තෙල් සැපයුමත් ගෑස් සැපයුමත් අඩු කළොත් මිල ඉහළ යනවා.. දැනටමත් මිල ඉහළ යාමක් වාර්තා වෙනවා ඒ මිල ඉහළ යාම අනිවාර්යෙන්ම අපිටත් දරන්න වෙනවා.. ඒක අපිට නවත්වන්න බෑ''

