ප්‍රචණ්ඩත්වය අවසන් කරන ලෙස ලියෝ පාප් වහන්සේ ගෙන් ඉල්ලීමක්

Published in පුවත්
Monday, 09 March 2026 07:21

මැදපෙරදිග ඇතිව තිබෙන ප්‍රචණ්ඩත්වය අවසන් කරන ලෙසත් සංවාදය සඳහා අවකාශය විවෘත කිරීමට නව උත්සාහයන් ඉල්ලා සිටින බවත් 14 වන ලියෝ පාප් වහන්සේ පවසනවා.

ශාන්ත පීතර චතුරශ්‍රයේ ඇන්ජලස් යාච්ඤාවට එක්වෙමින් 14 වන ලියෝ පාප් වහන්සේ මේ බව සඳහන් කළා.

උන් වහන්සේ මෙහිදී පැවසුවේ ඉරානයෙන් සහ මැද පෙරදිගින් දැඩි කරදරකාරී පුවත් දිගටම අසන්නට දකින්නට ලැබෙන බවයි.

“වෛරය සහ බිය රජයන මෙවන් වටපිටාවක, මෙම ගැටුම තවදුරටත් ව්‍යාප්ත වී ලෙබනනය වැනි රටවල් යළිත් අස්ථාවරත්වයට පත්වනු ඇතැයි යන බියක් පවතිනවා,” යැයි උන්වහන්සේ පැවසූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ප්‍රචණ්ඩත්වය තවදුරටත් වර්ධනය වීමට පෙර එය නතර කිරීමේ සදාචාරාත්මක වගකීම සියලු පාර්ශවයන් සතු බව පාප් වහන්සේ අවධාරණය කර තිබෙනවා.

“බෝම්බවල ඝෝෂාව නතර වේවා, අවි ආයුධ නිහඬ වේවා, ජනතාවගේ හඬට සවන් දිය හැකි සාකච්ඡාමය වාතාවරණයක් උදා වේවා කියා මම යාඥා කරනවා.” යනුවෙන්ද උන්වහන්සේ යාඥා කර තිබෙනවා.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us