මුදල්,ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් පනවන ලද හෙට (04) පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිතව තිබූ 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන පනත යටතේ අංක 2291/25 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කළ නියමය සම්බන්ධයෙන් ආයෝජන මණ්ඩලය නිසි විශ්ලේෂණයක් ලබා නොදීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ විවාදයට නොගැනීමට සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා සභාපතිත්වය දරණ රජයේ මුදල් පිළිබද කාරක සභාව තීරණය කර ඇත.

පවතින ආර්ථික අර්බුදය හමුවේ සහනාධාර අවශ්‍ය පිරිස් වෙත සහනාධාර ලබා දීම වෙනුවෙන් සුබසාධක ප්‍රතිලාබ මණ්ඩලය මඟින් ක්‍රමවත් ඇඩ පිළිවෙලක් යොදා තිබුණද ඒ සඳහා බලාපොරොත්තු වූ තරමින් සහනාධාර අවශ්‍ය පිරිස් ඉල්ලුම් කර නොමැති බව වාර්තා වේ.

මෙරට ආර්ථිකය යලි ශක්තිමත් කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙල අගය කරන බව ලෝක බැංකුවේ මෙරට අධ්‍යක්ෂ ෆරිස් හඩාඩ් සර්වොස් (Faris Hadad Zervos) ප්‍රකාශ කර තිබෙනවා.

පාර්ලිමේන්තුවෙන් පිටත මහජන බලයක් නිර්මාණය විය යුතු බව පසුගීය ගාලු මුවදොර අරගලයේ ජනතා ඉල්ලිමක් වූ අතර ඒ වෙනුවෙන් සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරය විසින් සකස් කළ වැඩ පිළිවෙල සඳහා ජනාධිපති රනිල් වික්‍රමසංහගේ අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකාවේ ජනතාව පෙර නොවූ විරූ අභියෝගවලට මුහුණ දී සිටින මොහොතක, අවශ්‍ය ප්‍රතිසංස්කරණමය ක්‍රියාවලියක් සහිතව එම අර්බුදය සාර්ථකව ජය ගනිමින් රට සෞභාග්‍යය කරා ගෙන යාමට සහ කල්පවත්නා ජාතික සංහිඳියාවේ මාවතකට ප්‍රවේශවීමට ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයන්ට සහාය වීමට යුරෝපා සංගමය කැපවී සිටින බව යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන් (Ursula Von Der Leyen) මහත්මිය සඳහන් කළාය.

කාන්තාවන් සහ පාසල් දැරියන් අතර සනීපාරක්ෂාව සහතික කිරීම සහ සනීපාරක්ෂක නිෂ්පාදන වඩාත් දැරිය හැකි මිලකට ලබාගැනීමේ වැදගත්කම සැලකිල්ලට ගනිමින් දේශීයව නිෂ්පාදනය කරන සනීපාරක්ෂක තුවා සඳහා ආනයනය කරන ප්‍රධාන අමුද්‍රව්‍ය 05ක් මත පැනවූ බදු සියල්ල ඉවත් කිරීමට රජය පියවර ගෙන ඇත. තවද ආනයනික නිමි සනීපාරක්ෂක තුවා සඳහා බදු සහන සැලසීමට ද තීරණය කර තිබේ.

මහ කන්නයට අවශ්‍ය පොහොර සැපයුම සම්බන්ධයෙන් සාකච්ඡාවක් කෘෂිකර්ම කැබිනට් අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද (29) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

ශ්‍රී ලංකාවට ලබා දීමට එකඟ වූ අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක ණය මුදල ලබා දෙන කාලවකවානුව නිශ්චිත වශයෙන් ප්‍රකාශයට පත් කළ නොහැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us