මිත්‍යා මතවලට හසු නොවී දරුවන් එන්නත්කරණයට සක්‍රීයව එක් වන්නැයි විශේෂඥ වෛද්‍යවරුන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

යහපත් කල්ක්‍රියාවෙන් සිටින සිරකරුවන්ට සතියක කාලයක් පවුලේ සාමාජිකයින් සමග කාලය ගතකර පැමිණීම සඳහා අවස්ථාවක් වහාම ලබාදෙන බව අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්රි ඊයේ (23) පවසා ඇත.

මිල්කෝ ආයතනය කල් කිරි නිෂ්පාදනය මාස දෙකක පමණ කාලයක් නතර කර ඇතැයි එහි ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (සංශෝධන) පනත් කෙටුම්පතට 22 දා පස්වරුවේම සිය අත්සන යොදා පනත බලාත්මක කළේය.

ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්ෂයක් කාපට් අතුරා සංවර්ධනය කිරීමේ ජාතික වැඩපිළිවෙළ යටතේ යටියන්තොට සීපොට් සිට කැන්දලන්ද ඔය දක්වා මාර්ගය සංවර්ධනය කිරීම අද ආරම්භ කෙරුණා.

පාසල් ආරම්භ කළ යුත්තේ එන්නත්කරණයට පෙර ද ?පසු ද?

පාසල් ආරම්භ කළ යුත්තේ එන්නත්කරණයට පෙර ද පසු ද යන්න පිළිබද තීරණය එන්නත්කරණය සහ වසංගතය සම්බන්ධ විශේෂඥ කමිටුවේ නිර්දේශ අනූව කරන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසිංහ මහතා පවසයි.

හෙතෙම මේ අදහස් දැක් වූයේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් ලෝකයේ තවමත් නිශ්චිත තීන්දුවක් නොමැති අතර ලොව ඇතැම් රටවල් එන්නත්කරණයට පසු පාසල් විවෘත කර ඇති පසු බිමක තවත් රටවල් එන්නත්කරණයට පෙර පාසල් අරඹා ඇති බව ඔහු මෙහිදී සඳහාන් කළා.

විශේෂඥ කමිටුවේ නිර්දේශ මත මෙරට කඩිනමින් ආරම්භ කළ හැකි පාසල් ඇරඹීමටත් අනෙකුත් පාසල් එන්නත්කරණයෙන් පසු ඇරඹීමටත් බලාපොරොත්තු වන බව ඔහු වැඩි දුරටත් කියයි.

-පංචාලි අබේසේකර

ආනයනික විදේශීය කිරිපිටි මිල ඉහළ දැමීමට අවසර ලබා දෙන්නේ නම් ඒ සමගම දේශීය කිරිපිටි මිලද ඉහළ දැමීමට අවස්ථාව ලබා දිය යුතු බව මිල්කෝ සමාගමේ සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා පවසයි.

කොවිඩ් තත්ත්වයෙන් සියලු දෙනා ආරක්ෂා කරගැනීමේ අරමුණින් සෑම නිවසකටම දේශීය ඖෂධ මංජුසාවක් බෙදාදීමේ වැඩසටහනක් ඉදිරි සතියේ සිට ආරම්භ කරන බව දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතා පවසනවා.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us