සැප්තැම්බර් මාසයෙන් පසු රට වසා දැමීමට කටයුතු නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අමාත්‍ය මණ්ඩලයට ඊයේ (26 ) දැනුම් දී තිබෙනවා.

නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සුම් තුවාල සහිතව දැරියක් මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ ඇතුළු සැකකරුවන් අගෝස්තු 9වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරීමට නියම වී තිබෙනවා. ඒ අදාළ සැකකරුවන් අද (26) යළි කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

එමෙන්ම අදාළ දැරියගේ මෘත ශරීරය සම්බන්ධයෙන් නැවත පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා සිරුර යළි ගොඩ ගැනීමටද මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

-පංචාලි අබේසේකර

අවම සේවකයින් පිරිසක් සේවයට කැඳවීම හේතුවෙන් ආයතන කටයුතු පවත්වාගෙන යාමට නොහැකි බවට අමාත්‍යාංශ ලේකම්වරුන් රැසක් දැනුම් දී ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයින් අතර අද (26) පෙරවරුවේ පැවැති සාකච්ඡාව ඉතා සාර්ථක බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසා තිබෙනවා.

කොවිඩ් මර්දන ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් අද (26) අලුයම මෙරටට රැගෙනවිත් තිබේ.ඒ අනුව අද අලුයම 2.30ට කටාර් ගුවන් සේවයට අයත් ගුවන්යානයකින් එම එන්නත් තොගය මෙරටට රැගෙනවිත් ඇත.

එමෙන්ම අද දිනයේ දිස්ත්‍රික්ක 20 ක මධ්‍යස්ථාන 223 කදී කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

වෙළෙඳපොළේ අලෙවි කිරීමට තිබෙන ආහාර ඖෂධ හෝ ඇසුරුම් නොකළ සියලු සැෂේ පැකට් වැටලීමේ කටයුතු අගෝස්තු මාසයේ සිට ආරම්භ කරන බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කර තිබෙනවා.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සීමට ලක්වී මියගිය 16 හැවිරිදි දැරියගේ සිද්ධියට අදාළ පැමිණිල්ල අද (26) පස්වරු 1.30ට කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේන බව වාර්තා වෙනවා.

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති ඉඩම් හිමි ගොවීන් හා අඳ ගොවීන් ලක්ෂ 16කට ගොවි හැඳුනුම් පතක් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සූදානම් වන බව වාර්තා වේ.

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us