දිවයිනේ ප්‍රදේශීය ලේකම් කාර්යාල 300ක් ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය නිවාරණ නිලධාරියෙකු බැගින් යෙදවීමට පියවර ගෙන ඇති බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසයි.
වෘත්තීය ක්‍රියාමාර්ග ගත්තත් අධිවේගයේ ආදායමට හානියක් වී නැහැ- ආදායම ඉහළට
අධිවේගි මාර්ග ජාලය පෞද්ගලීකරණය කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් පෙරේදා (22) පැවැති වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් පැය දෙකක් ප්‍රමාද වී අධිවේගි මාර්ගවල ආදායම් එකතු කිරීම ආරම්භ කළ ද පසුගිය 21 වැනිදා සහ පසුගිය සතියේ බදාදා (15) ආදායම් සමඟ සංසන්දනය කිරීමේදී ආදායම් වැඩි වී ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
සැකකරු අල්ලන්න ඇළට පැන්න තරුණ පොලිස් නිලධාරියා අතුරුදන්
හෙරොයින් සම්බන්ධ සිදුවීමකට ජා-ඇළ පොලිසියේ අත්අඩංගුවේ සිටි සැකකරුවකු ඒ ආසන්නයේ ඇති ඇළට පැන පිහිනා පලා යෑමට උත්සාහ දැරීමේදී ඔහු අල්ලා ගැනීමට එම ඇළට පැන්න ආධුනික පොලිස් කොස්තාපල්වරයකු දිය පහරට හසුව ගසාගෙන ගොස් ඊයේ (23) අතුරුදන්ව ඇත.
මෙවර අයවැය තමයි අපි ණය ලබා නොගත් පළමු අයවැය නමුත් ණය නොගෙන වියදම් පියවා ගැනීමට වැට් බද්ද වැඩි කිරීමට සිදුවූ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. එසේම එහි ප්‍රතිඵලයක් ලෙස රජය සියලුදෙනා විවේචනයට ලක්වෙනමුත් ඉදිරියේදී මෙය අවබෝධ කරගැනීමට හැකි වනු ඇතැයි ද හෙතෙම අවධාරණය කරයි.
විවිධ චෝදනා එල්ල වූ සහ එකම ස්ථානයේ දීර්ඝ කාලයක් සේවය කරන සෞඛ්‍ය නිලධාරීන් පිළිබඳව අවශ්‍ය ක්‍රියාමාර්ග අනිවාර්යෙන්ම ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පැවසුවේය.
2023 අයවැය යෝජනාවලින් 86%ක් ක්‍රියාත්මකයි - මුදල් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය
2023 අයවැය යෝජනා අතරින් 86%ක් මේ වන විට ක්‍රියාත්මක බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසයි.
වෛද්‍යවරු විදේශගත වීමේ සංඛ්‍යාව මේ වන විට අඩු වෙමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල පවසයි.
දරුවන් අතර ව්‍යාප්ත වන රෝග කිහිපයක් ගැන අනතුරු ඇඟවීමක් !
මේ දිනවල ළමුන් අතර රෝග කිහිපයක් ව්‍යාප්ත වෙමින් පවතින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.

