ගාලුමුවදොර පිටිය නිසි අවසරයකින් තොරව කිසිදු කටයුත්තකට නොදීමට නාගරික සංවර්ධන අධිකාරිය තීරණය කර තිබේ.

පේරාදෙණිය විශ්ව විද්‍යායීය පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට අයත් සෙනරත් පරණවිතාන කෘතුකාගාරය ( The Senarat Paranavitana Teaching And Research Museum) දැන් වසරකට ආසන්න කාලයක් තිස්සෙ මුද්‍රා තබා වසා දමා තිබේ. 2021 සැප්තැම්බර් 02 වන දින විශ්වවිද්‍යාලයෙ උපකුලපතිවරයාගේ මැදිහත් වීමෙන් මෙය සිදු කර ඇතැයි පැවැසේ. එසේ නමුත් ඊටත් බොහෝ කලකට පෙර සිටම මෙම කෞතුකාගාරය විටින් විට  වසා තැබීම සිදුව තිබෙන බවත් දැන ගැනිමට තිබේ.

නීතියේ ආධිපත්‍යයට සිදුකරන අතපෙවීම් වලක්වා ගන්නා තෙක් රටක් ලෙස ඉදිරි ගමනක් යෑමට නොහැකි බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවැති උත්සවයකට එක් වෙමිනුයි උන් වහන්සේ මෙම අදහස් පළ කළේ.

අප්‍රේල් 21 පාස්කු බෝම්බ ප්‍රහාරයේ වින්දිතයන් වෙත ආධාර වශයෙන් ලබා දීමට ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ යුරෝ ලක්ෂයක මුදලක් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට පරිත්‍යාග කර තිබුණා. ඒ යටතේ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව් මැදුරේ දී පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ වින්දිතයන් පිරිසකට මුදල් පරිත්‍යාග කිරීමටයි මෙම උත්සවය සංවිධාන කර තිබුනේ. ශ්‍රී ලංකාවේ වතිකාන අපෝස්තලික තානාපති අති උතුම් බ්‍රයන් උඩයිග්වේ අගරදගුරු හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන පැවැත්වුණා.

පසුබෑමට ලක්ව තිබෙන මෙරට ආර්ථිකයට දැවැන්ත ශක්තියක් එක්කරමින් මේ වසරේ මුල් මාස 7ක කාලයේ දී අමෙරිකානු ඩොලර් මිලියන 824.9ක ආදායමක් උපයා ගැනීමට මෙරට සංචාරක ක්ෂේත්‍රය සමත්ව තිබේ.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අනුබද්ධ සංවිධානයක් වූ පොදුජන ඉංජිනේරු පෙරමුණ නියෝජනය කළ ඉංජිනේරු වෘත්තිකයන් ‍රැසක් එම සංවිධානයෙන් ඉවත් වෙනම සංවිධානයක් ලෙස කටයුතු කිරීමට තීරණය කර ඇත. පොදු ජන පෙරමුණ පසුගිය කාලයේ කටයුතු කළ ආකාරය දැඩිව විවේචනය කරන එම කණ්ඩායම තව දුරටත් දූෂිත දේශපාලන පක්ෂයක් නියෝජනය කිරීමට තම කණ්ඩායමට කිසිදු හේතුවක් නැති බවත් අවධාරණය කරයි.

 රුපියල අල්ලගෙන හිටියා වගේ වත්මන් ආණ්ඩුවත් අල්ලගෙන ඉන්න නමුත් සැබෑ ජනතා ප්‍රසාදයක් නැති ආණ්ඩුව රුපියල වගේම කඩා වැටෙන බව සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

එළඹෙන 15 වනදා සිට තැපැල් ගාස්තු සංශෝධනය කිරීමට නියමිත බව වාර්තා වෙයි.

ඉදිරි වසර 5ක කාලය තුළ ශ්‍රමිකයන් 345,150 දෙනකු සඳහා ජපානයේ රැකියා අවස්ථා හිමිව තිබෙන අතර ඉන් වැඩි සංඛ්‍යාවක් ශ්‍රී ලාංකිකයන්ට ලබා ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇත.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us