ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත් ඇගැයීමේ කටයුතු මෙම 26 දා සිට 31 වැනිදා දක්වා දින 6ක් පුරා ඇගැයීම් කටයුතු සිදු කර දින 45ක් වැනි කාලයක් තුළදී ප්‍රතිඵල නිකුත් කිරීමට බලාපොරොත්තු වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පැවසිය.

උත්සන්න වෙමින් පවතින හමාස් - ඊශ්‍රායල ගැටුම ආමන්ත්‍රණය කිරීමට ගෝලීය එකමුතුවක අවශ්‍යතාව ජනපති අවධාරණය කරයි.එසේම ඇමරිකා එක්සත් ජනපදයට යුක්‍රේනයේ, තායිවානයේ, මැද පෙරදිග සහ ගාසා තිරයේ ඇතිවී තිබෙන තත්ත්වය පාලනය කරන්න පුළුවන් ද? මම නම් හිතන්නේ නැහැ. යනුවෙන් ද ජනාධිපතිවරයා පැවසූවේ ඉන්දියන් සාගරය පිළිබඳ විශේෂඥ ජාත්‍යන්තර පර්යේෂණ පදනමක් වන Geopolitical Cartographer විසින් ඊයේ (13) කොළඹ සිටි සෙන්ටර්හි දි සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයකට එක් වෙමිනි.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මුහුදු මඟී යාත්‍රා සේවය අද සිට ආරම්භ වේ. එහි පළමු මඟී යාත්‍රාව ඉන්දියවේ සිට අද (14) පෙරවරුවේ මෙරටට ළඟා වීමට නියමිත බව වාරය, නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කරයි.

පාස්කු ඉරු දින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය පිළිබඳව බ්‍රිතාන්‍යයේ “චැනල් 4” නාලිකාව විසින් විකාශය කරන ලද වැඩසටහන මඟින් එල්ල කරන චෝදනා විමර්ශනය කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පිහිටුවීමට තීරණය කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට අපේ ජන බල පක්ෂය ගත් තීරණය නීති විරෝධි බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (13) තීරණය කිරීමත් සමග රතන හිමියන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට එම පක්ෂය ගත් තීරණය බල රහිත කරන ලදි.

චීන සමූහාණ්ඩුවේ ආධාර යටතේ එක් දින ධීවර යාත්‍රාවන් සඳහා නොමිලේ භූමිතෙල් ලබා දීමේ වැඩසටහනේ දෙවන අදියර ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තගේ ප්‍රධානත්වයෙන් බේරුවල වරාය පරිශ්‍රයේදී ආරම්භ විය.

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබේ.

ඊශ්‍රායලයට හමාස් සංවිධානය විනාශ කිරීමට හමුදා ක්‍රියාමාර්ග ගත හැකි නමුත් ගාසා තීරය විනාශ කළහොත් ලැබෙන ප්‍රතිචාරය මොකද්ද? යනුවෙන් ප්‍රශ්න කරන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන් පැය 24න් මුළු තත්ත්වයම වෙනස් වෙන බවත් ආණ්ඩුවලට තත්වය පාලනය කිරීමේ හැකියාව අහිමි වෙන බවත් පවසයි.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us