පූර්ණ ශ්‍රවණාබාධිත පුද්ගලයින් සඳහා සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රය ලබාදීම සඳහා වූ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

තල්, කිතුල් සහ පොල් ගස් මදින හා ගෙඩි කඩන තැනැත්තන් සඳහා ජාතික වෘත්තිය නිපුණතා සහතික ලබා දීමට තීරණය කර තිබේ.

පුනරුත්ථාපන මධ්‍යස්ථානවල රැඳවියන් මින් ඉදිරියට කළහකාරී ලෙස කටයුතු කළහොත් ඔවුන් එම මධ්‍යස්ථානවලින් ඉවත් කර රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පියවර ගන්නා බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පැවසීය.

රාමසාන් සමයේ දී මුස්ලිම් රාජ්‍ය සේවකයින් සඳහා ආගමික වතාවත්වල යෙදීමට හැකි වන පරිදි වැඩමුර සකස් කර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය රාජ්‍ය ආයතන වෙත දැනුම් දී තිබේ.

එළඹෙන ඔක්තෝබර් මාසයේ පළමු සතියේදී මෙරට ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව සංචාරක සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.

වෛද්‍ය හිඟයට පිළියම් ලෙස තවත් වෛද්‍යවරුන් 1300 දෙනෙකු ලබන මාර්තු මාසයේදී රජයේ රෝහල් සඳහා අනුයුක්ත කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට වෛද්‍ය නිර්දේශ මත නිවසෙන් ලබාදෙන ආහාර ගැනීමට අවසර ලබා දී තිබේ.

මෙතෙක් බලපත්‍රයට පමණක් සීමා වී තිබු මෙරට පවුල් ලක්ෂ 20 කට අධික ප්‍රමාණයකට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදෙන "උරුමය" වැඩසටහන අනාගත ආර්ථිකය වෙනුවෙන් කරන ඉතා වැදගත් ප්‍රජාතන්ත්‍රවාදී ආයෝජනයක් බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක, හිටපු මුදල් අමාත්‍ය, රවී කරුණානායක පවසයි. එසේම ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණපා මේ වන විට පියවරෙන් පියවර එම තත්ත්වයෙන් මිදෙමින් සිටින රටේ ආර්ථිකය යළි නංවාලීම සඳහා වන වැඩපිළිවෙලට ජනතාවගේ සහභාගිත්වය තහවුරු කෙරෙන පියවරක් ලෙසද උරුමය වැඩසටහන හඳුන්වා දියහැකි බව හිටපු අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us