ජනපති ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරිමෙන් අනතුරුව පාර්ලිමේන්තුව කල් තබයි

Published in පුවත්
Wednesday, 07 February 2024 11:35

2022 වසර පුරා කඩා වැටුණු ආර්ථිකය, 2023 වසරේදී වාර්තාගත ප්‍රගතියක් අත් කර ගත හැකි වූයේ අහම්බයකින් නොව ඉතා පරිස්සමින් හා දූරදර්ශීව සකස් කළ සියුම් ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැංවීම තුළින් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

එසේම 2022 අවසානයේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් 3.7%ක් වූ අයවැය ප්‍රාථමික හිඟය, 2023 වසරේ ප්‍රාථමික අයවැය අතිරික්තයක් කර ගැනීමට හැකිවූ බව ජනාධිපතිවරයා පවසයි.

නිදහසින් පසු ගෙවී ගිය 76 වසර තුළ ශ්‍රී ලංකාවට ප්‍රාථමික අයවැය අතිරික්තයක් ඇති කරගැනීමට හැකි වූ 6 වැනි අවස්ථාව මෙය බවත් ජනාධිපතිවරයා පැවසීය.

"අර්බුද ජයගැනීම ආරම්භ කළ යුත්තේ තමන්ගෙන්මයි. අපේ සිතුවිලි නිවරැදි කරගත්තේ නැත්නම් රටට යටපතක් නැහැ. මුලින්ම අපි වෙනස් වුණේ නැතිනම් ක්‍රමයක් වෙනස් කරන්න අපිට පුළුවන් කමක් නැහැ."

"අද ඩොලරයේ අගය රුපියල් 314යි. දැන් පොලී අනුපාතය 12%යි. දැන් අපේ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 4.4ක්."

"දැන් බෙහෙත්, ගෑස්, ඉන්ධන, විදුලිය, පොහොර අර්බුදයක් නැහැ."

"අනෙක් රටවල්වලට සාපේක්ෂව අපේ රටට කෙටි කාලයක් තුළ සුවිශේෂී ජයග්‍රහණයක් ළඟා කරගන්න පුළුවන් නිසා. ඒ දුරදිග බලා සියුම් ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කරපු නිසා."

"අපි කිසිම පියවරක් සඟවා තැබුවේ නැහැ. මම දේශපාලන වාසිය තකා තීන්දු ගත්තේ නැමැ. රට වෙනුවෙන් නිවරැදි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළා."

"අපි මේ ගමන ඉදිරියට ගියේ පියවරෙන් පියවර. අසීරුවෙන්, අකමැත්තෙන් අපි ක්‍රියාත්මක කළ ප්‍රතිපත්ති නිසා ස්ථාවර ආර්ථිකයක් ඇතිකර ගැනීමේ ගමන් මාර්ගයට අපි අවතීර්ණ වුණා."

"දැන් අපි බිංගෙය කෙළවර ලෝකය දකිනවා."

"සමහරුන්ට රැකියා, ව්‍යාපාර, අයිතිය අහිමිවුණා. මේවා වුණේ සාමාන්‍ය පන්තියේ ජනතාවටයි."

"නිදහසෙන් පසු බලයට ආපු කිසිම ආණ්ඩුවක් ජනතාවට ඉඩම් අයිතිය ලබාදෙන්න කටයුතු කළේ නැහැ. මේක ඓතිහාසික තීන්දුවක්."

"රටේ ජනතාවගෙන් තුනෙන් එකකට නිවාස නැහැ. අපි ඒ ගැන අවධානය යොමු කරලා තියෙනවා. අපි ජනතාවට නිවාස අයිතිය ලබාදෙනවා."

"අඩු ආදායම්ලාභී ජනතාවට සහල් කිලෝ 20ක ප්‍රමාණයක් එළඹෙන උත්සව සමයේදී ලබාදෙනවා."

"රාජ්‍ය සේවකයින්ට දීමනාවක් ලබාදුන්නා. විශ්‍රාමිකයින්ගේ වැපුට් වැඩි කළා. වැටුප් විශ්‍රමතා ගැටලුවත් නොබෝ කාලයකින් විසදුම් ලබාදෙනවා."

"ආර්ථිකය ඉදිරියට යද්දී අපි බදු බර අඩු කරනවා. වැට් ප්‍රතිශතයත් සංශෝධනය කරනවා."

"මේ වසරේ අපේ ආදායම රුපියල් බිලියන 4,127යි. වියදම රුපියල් බිලියන 6,978යි. ණය ආර්ථිකයෙන් මිදුනේ නැත්නම් අපිට අනාගතයක් නැහැ."

"එන්න එකට එක්වී අපි හදමු අලුත් රටක්."

2021 වසරේදී 194,495ක් වූ මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 2023 වසරේදී 1,487,303ක් දක්වා ඉහළ නංවා ගැනීමට හැකිවූ අතර මේ වසරේ ජනවාරියේදී පමණක් 200,000කට අධික සංචාරකයන් සංඛ්‍යාවක් පැමිණි බව ජනාධිපතිවරයා පැවසීය. වසරකට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය මිලියන 5ක් දක්වා ඉහළ නැංවීම අපේක්ෂාව බවද සඳහන් කළේය.

2022 වසරේ 437,547ක් වූ බදු සඳහා ලියාපදිංචි වූවන් සංඛ්‍යාව 2023 අවසානය වන විට 130% ක වැඩිවීමක් පෙන්නුම් කරමින් 1,000,029ක් දක්වා ඉහළ නැංවූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මේ වසරේ මුල් මාස හය තුළ ණය ප්‍රතිව්‍යුහගතකරණ සැලැස්ම ක්‍රියාත්මක කරලීමට අපේක්ෂා කරන අතර එය මෙරට ආර්ථිකය සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමේ මූලික පදනම මෙන්ම ණය පීඩනයෙන් මිදීමේ මාර්ගයේ සංධිස්ථානයක් බවට පත්වනු ඇති බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

මේ වසරේදී 2% - 3%ක ධන ආර්ථික වර්ධනයක් අත්පත් කර ගැනීමට හැකි බව අයි. එම්.එෆ් , ලෝක බැංකුව මෙන්ම ආසියානු සංවර්ධන බැංකුව පුරෝකථනය කර ඇති බවත් 2025 වසරේදී එය 5%ක් දක්වා ඉහළ නංවා ගැනීමට ක්‍රියා කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.

කඩා වැටුණු ආර්ථිකය ‍ප්‍රකෘතිමත් කර ගැනීමට ග්‍රීසියට වසර 10කට වැඩි කාලයක් ගත වූ නමුත් ශ්‍රී ලංකාවට ඉතා කෙටි කාලයකදී සුවිශේෂී ජයග්‍රහණ ලබා ගැනීමට හැකි වූ බවද ජනපතිවරයා සඳහන් කළේය.

2022 දී 7.8%කින් හැකිළුණ මෙරට දළ දේශීය නිෂ්පාදිතය අඛණ්ඩව කාර්තු 6ක් සෘණ වර්ධනයක් වාර්තා කළ නමුත් 2023 තුන්වන කාර්තුවේදී එය 1.6%ක වර්ධනයක් අත්පත් කර ගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

කෙසේවෙතත් ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව පාර්ලිමේන්තුව කල් තැබුවා.

-P.M

Leave a comment

 

ld add copy

Gossip

ඉන්න බැරි සේරම යන්න... රාජපක්ෂලාට රනිල් දන්වයි !

ඉන්න බැරි සේරම යන්න... රාජපක්ෂලාට රනිල් දන්වයි !

මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය නොදෙන ආණ්ඩු පාර්ශ්වය නාමිකව නියෝජනය කරන සියලු...

තැපැල් ඡන්දයේ වාසිය රනිල්ට.. සජිත් හාන්සියි.   

තැපැල් ඡන්දයේ වාසිය රනිල්ට.. සජිත් හාන්සියි.  

අද සවස මහව පැවැති ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජන රැළියක දී ඔහු පවසා සිටියේ අද දින පැවැති තැපැල් ඡන්...

සජිත් - හර්ෂ ගැටුමෙන් සජබය ඇවිළේ ! හර්ෂට බැරි නම් යන්න කියයි

සජිත් - හර්ෂ ගැටුමෙන් සජබය ඇවිළේ ! හර්ෂට බැරි නම් යන්න කියයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා අතර බරපතල මත ගැටුමක...

පාඨලීව සජබයට එව්වේ රනිල්.. සජිත් නැව් කඹයක් ගිලලා දෙලොවක් අතර..

පාඨලීව සජබයට එව්වේ රනිල්.. සජිත් නැව් කඹයක් ගිලලා දෙලොවක් අතර..

මේ වන විටත් සජිත් ප්‍රේමදාසව යට කරගෙන පාඨලී චම්පික සජබය තුළ බලවත් වී ඇති බව, සජබයේ කුරුණෑගල පළමු ‍රැ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us